×

වරක් පමණක් භාවිතා වන ප්ලාස්ටික් කැනඩාවේදී තහනම්

පසුගිය මැයි මස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්ලාස්ටික් භාවිතය අවම කර ගැනීම සදහ අවශ්‍ය පියවර වෙනුවෙන් රටවල් 180ක් සමග ගිවිසුම් ඇති කරගන්නා ලදී.


2021 වසර වන විට කැනඩාව තුළ එක් වරක් පමණක් භාවිත කෙරෙන ප්ලාස්ටික් තහනම් කිරීමට එරට රජය පියවර ගනිමින් සිටී. අගමැති ජස්ටින් ටෘඩේ විසින් රජය විසින් මෙවැනි පියවරක් ගැනීමට සූදානම් බව එරට ජනතාවට දැනුම් දෙන ලදී.

යුරෝපා සංගමය විසින්ද මීට පනතක් පසුගිය වසරේ පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනිනි.

මේ වන විට කැනඩාව තුළ ඉවතලන ප්ලාස්ටික් ප්‍රමාණයෙන් ප්‍රතිචක්‍රීයකරණය කෙරෙන්නේ 10% ප්‍රමාණයක් පමණක් වන අතර කැනඩා අගමැතිවරයා පවසන්නේ ලෝකය පුරා මෙම තත්ත්වය ගෝලීය අභියෝගයක් බවට පත්ව ඇති බවයි.

පසුගිය මැයි මස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්ලාස්ටික් භාවිතය අවම කර ගැනීම සදහ අවශ්‍ය පියවර වෙනුවෙන් රටවල් 180ක් සමග ගිවිසුම් ඇති කරගන්නා ලදී.

කැනඩාව විසින් පනවන්නට යන මෙම නීතියට අනුව ඉදිරියේදී  එක් වරක් පමණක් භාවිතයට ගැනෙන පොලිතීන් මලු, බීම බට, ප්ලාස්ටික් හැදි ගෑරුප්පු, ප්ලාස්ටික් පිගන් ආදිය තහනම් කෙරෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි