×

ඉරානය, ලෝකය ඔබ දෙස බලා සිටිනවා – කැනඩාවෙන් අනතුරු ඇඟවීමක්!

කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ෆ්‍රැන්කොයිස්-ෆිලිප් ෂැම්පේන් පවසා සිටියේ මේ පිළිබඳ සත්‍යය කාලය සමඟ හෙලිදරව් වනු ඇති බවයි.


ඉරානයේ ටෙහෙරාන් අගනුවර පසුගිය දිනක කඩා වැටුණු යුක්රේන බොයිං 737 ගුවන් යානය පිළිබඳ බොහෝ කතාබහ දැන් ඇතිවෙමින් පවතී.

මෙම ගුවන් යානය ඉරානය විසින් දියත් කරන ලද මිසයිල ප්‍රහාරයක් මත කඩා වැටුණු බව කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ හෙලිදරව් කළේය.

මේ සම්බන්ධ විශ්වාසවන්ත බුද්ධි තොරතුරු ලැබී ඇති බවද හෙතෙම පැවසීය.

මෙම අනතුර පිළිබඳ විධිමත් සිදුවීමක් කරන ලෙස කැනේඩීය රජය බල කර සිටින ලදී.

අනතුරට පත් යුක්රේන ගුවන්යානයේ ගමන් ගත් මගීන් සියළු දෙනාම ජීවිතක්ෂයට පත්වී තිබිණි.

මේ අතර කැනේඩීය ජාතිකයින් ද සිටි බවද වාර්තා වේ.

කැනඩාවට ලැබුණේ යැයි පැවසෙන බුද්ධි තොරතුරු මත ඔවුන් කළ හෙලිදරව්ව ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

මෙම අනතුර අත්වැරදීමක් මත සිදුවූයේ ද නොවූයේ ද යන විවාදය දිගින් දිගටම සිදුවන බව පෙනී යයි.

මේ පිළිබඳ ඊයේ (10) දිනද කැනඩාව යළි සිහිපත් කර සිටි අතර, ඉරානයට අනතුරු අඟවමින් පවසා සිටියේ ලෝකය ඔවුන් දෙස බලා සිටින බවයි.

කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ෆ්‍රැන්කොයිස්-ෆිලිප් ෂැම්පේන් පවසා සිටියේ මේ පිළිබඳ සත්‍යය කාලය සමඟ හෙලිදරව් වනු ඇති බවයි.

එමෙන්ම ඉරානය දෙස ලොව බලා සිටින බවද හෙතෙම අනතුරු අඟවා සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි