×

කැනඩාවේ ඇවිළෙන ලැව්ගිණි වල විෂ දුම් උතුරු ඇමරිකාවට

මෙමඟින් වැඩිහිටි පුද්ගලයින්, ගර්භනී කාන්තාවන් සහ කුඩා දරුවන් මෙන්ම හෘද රෝග හෝ ඇදුම වැනි රෝග තත්වයන් ඇති අයද රෝගාතුර වීමට වැඩි ඉඩක් ද ඇති බව නිවේදනය කර තිබේ.


කැනඩාවේ ක්විබෙක්හි ඇවිලෙන ලැව්ගිනි 150කට අධික සංඛ්‍යාවක් හේතුවෙන් උතුරු ඇමරිකාවේ මිලියන ගණනක් ජනයා ලැව්ගිණි දුමාරය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙය බොහෝ දෙනෙකුට කනස්සල්ලට පත්වන ගැටලුවක් වන අතර එය දින කිහිපයක් පැවතිය හැකි අතර මේ පිළිබඳව විශේෂඥ උපදෙස් ලබා දෙමින් ප්‍රකාශ කර තිබුණේ දුමාරයෙන් පිටවන විෂ දුම්වලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ පළඳින ලෙසත්, හැකි පමණ ගෘහස්තව රැඳී සිටින ලෙසත්, නිවෙස්වල දොර ජනෙල් වසා තබන ලෙසත්ය.

එමෙන්ම මෙමඟින් වැඩිහිටි පුද්ගලයින්, ගර්භනී කාන්තාවන් සහ කුඩා දරුවන් මෙන්ම හෘද රෝග හෝ ඇදුම වැනි රෝග තත්වයන් ඇති අයද රෝගාතුර වීමට වැඩි ඉඩක් ද ඇති බව නිවේදනය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි