×

කැනඩාවේ ජනගහනය මිලියනයකින් වර්ධනය වේ

වේගයෙන්ම වර්ධනය වන G7 රට වන්නේ ද කැනඩාවයි.


කැනඩාවේ ජන සංඛ්‍යාලේඛණවාර්තාවන්ට අනුව පසුගිය 2022 වසරේ රටේ ජනගහනය මිලියනයකින් වර්ධනය වූ බව සඳහන් වේ.

එනම් කැනඩාවේ ජනගහනය 38,516,138 සිට 39,566,248 දක්වා වැඩි වී ඇති බව සංඛ්‍යාලේඛන දත්ත වාර්තා කර තිබේ. ඒ අනුව වේගයෙන්ම වර්ධනය වන G7 රට වන්නේ ද කැනඩාවයි.

ශ්‍රම හිඟය සමනය කිරීම සඳහා ස්ථීර හා තාවකාලික සංක්‍රමණිකයන් රටට බඳවා ගැනීමට රජය දරන ප්‍රයත්නයන් මෙම වැඩිවීමට දායක වූ බව කැනඩාව පවසන අතර වයස්ගත ජනගහනයකට ආධාර කිරීම සඳහා රට ද සංක්‍රමණය මත රඳා පවතී. කැනේඩියානු රජය විසින් මේ වන විට යුක්රේන යුද්ධය, ඇෆ්ගනිස්ථානයේ මානුෂීය අර්බුදය සහ තුර්කියේ සහ සිරියාවේ 2023 භූමිකම්පා වැනි ගැටුම්වලින් පීඩාවට පත් වූ ජනතාව පිළිගෙන තිබේ. මේ සම්බන්ධයෙන් කැනඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ ජනගහන වර්ධනයෙන් 96% කට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තර සංක්‍රමණ බවයි.

අගමැති ජස්ටින් ටෘඩෝ 2015 බලයට පත්වූ දා සිට වැඩි සංක්‍රමණිකයන් රට වෙත ආකර්ෂණය කර ගැනීමට උත්සාහ දරා ඇති අතර පසුගිය වසරේ රජය විසින් 2025 වන විට වසරකට මිලියන භාගයක් සංක්‍රමණිකයන් පිළිගැනීමේ සැලැස්මක් ද ප්‍රකාශයට පත් කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි