×

කැනේඩියානු අගමැති ටෘෘඩෝගේ බිරිඳටත් කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වේ

ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට අගමැතිවරයා යොමු වේ


කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ගේ බිරිඳ සොෆී ග්‍රෙගරි ටෘෘඩෝ හට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ඔහුගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරන ලදී.
එම නිවේදනය මගින් කියා සිටින්නේ ඇය මේ වන විට හුදෙකලාව සිටින බවයි. පසුගියදා ඇය බ්‍රිතාන්‍යයේ රාජතාන්ත්‍රික සංචාරයක නිරත වී ඇති අතර බදාදා රෝග ලක්ෂණ මතුවීමත් සමග ඇය මේ සදහා වෛද්‍ය පරීක්ෂණයට සහභාගී විය.

අගමැති ටෲඩෝ ට මේ වන විට කිසිම රෝගය වැළදී ඇතැයි කියන්නට කිසිදු ලක්ෂණයක් නොමැති බවත් පූර්වාරක්ෂාව සදහා ඔහුද දින 14ක කාලයක නිරෝධායන ක්‍රියාවලියකට සහභාගී වනු ඇති අතර හුදෙකලාව ගත කිරීමට තීරණය කර ඇත.

ඒත් සමග අගමැතිවරයාගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි ඔහුගේ දුරස්ථ අධික්ෂණය යටතේ සිදු වනු ඇති බව අගමැති කාර්යාලය දන්වා සිටී. ඔහු තවමත් රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් ඔහු ආශ්‍රිතව කටයුතු කළ පුද්ගලයන් ට අවදානමක් නොමැති බව වෛද්‍ය මතයයි.

සිය රෝග තත්ත්වය සම්බන්ධය ප්‍රකාශයක් නිකුත් කරන අගමැති බිරිඳ පවසන්නේ
තමන් රෝග ලක්ෂණයේ අපහසුතා විඳින මුත් ඉතා ඉක්මණින් සුව වන බවයි. ස්වයං නිරෝධායනය කළද, අග්‍රාමාත්‍යවරයා වෙනත් ලෝක නායකයන් සමඟ කථා කිරීම සහ කිරීටක වයිරසය පිළිබඳ විශේෂ කැබිනට් කමිටු සාකච්ඡාවකට එක්වීම ඇතුළුව නිවසේ සිට කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ අතථ්‍ය රැස්වීම්වල කාලය ගත කරනු ඇති බවත් ඇය සදහන් කරයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි