×

ඉරානය යුක්රේන ගුවන්යානයට පහර දුන්නාද?

ඇමරිකානු චන්ද්‍රිකා තොරතුරු වලට අනුව අදාල ගුවන්යානය පොලවට පතිත වීමට පෙර ඒ දෙසට මිසයිල දෙකක් ගමන් කරන ලද බවට සටහන් වී ඇත.


පසුගිය බදාදා (08) දින ඉරාන ගුවන්තොටුපළකින් ගමන් ඇරඹි බොයිං 737 වර්ගයේ ගුවන්යානය ගුවන් ගත වීමට පෙරාතුවම පොළවට කඩා වැටිණි.

අනතුරින් යානයේ සියළු මගීන් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

මේ පිළිබඳ පළවූ වාර්තා වලට අනුව පළමුව පවසා තිබුණේ කාර්මික දෝශයක් මත යානය අනතුරට පත් වූ බවයි.

පසුව යානය අනතුරට ලක්වීමට පෙරාතුවම ගින්නක් හට ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා විය.

එහෙත් වාර්තා වන නවතම තොරතුරු වලට අනුව මෙම අනතුරේ සුලමුල අපරාධයක් දක්වා තීව්‍ර වන තත්ත්වයකට පැමිණ තිබේ.

ඒ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඊයේ (09) දින කළ හෙලිදරව්වක් නිසාවෙනි.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා පවසන්නේ ඉරානය එල්ල කරන ලද පහරදීමකින් යානයේ පිපිරීමක් හට ගෙන ඇති බවට ඔහු සතු බුද්ධි වාර්තා පවසන බවයි.

ඇමරිකානු චන්ද්‍රිකා තොරතුරු වලට අනුව අදාල ගුවන්යානය පොලවට පතිත වීමට පෙර ඒ දෙසට මිසයිල දෙකක් ගමන් කරන ලද බවට සටහන් වී ඇත.

ඉන් පසුව ගුවනේ පිපිරීමක් හට ගෙන තිබේ!

ජස්ටින් ටෘෘඩෝ මහතා ට අනුව ඉරාන සර්ෆේස්-ටු-එයර් අන්දමේ මිසයිල වලින් අනතුරට පත්වූ යානයේ පිපිරීම හටගෙන ඇති බවට බුද්ධි තොරතුරු පවතී.

මෙම බුද්ධි තොරතුරු ඉතාමත් විශ්වාසවන්ත බවද ටෘෘඩෝ පැවසීය.

කෙසේවෙතත් මෙය සිතා මතා කරන ලද්දක් බවට ඉන් තහවුරු නොවන බවද හෙතෙම සඳහන් කළේය.

අනතුරට පත් යුක්රේන ගුවන් යානය මිසයිල ප්‍රහාරයක ප්‍රතිඵලයක් විය හැකි බවට මීට පෙරද විවිධ අර්ත කථන ලබා දී තිබිණි. ටෙහෙරාන් අගනුවර භූමිය තුළදී ම මෙම ගුවන් යානය පොළවට පතිත වීම මඟින් එය සනාථ වන බව විවිධ පාර්ශව වල අදහස විය.

ටෘෘඩෝ සතු බුද්ධි තොරතුරු මත නිසැකවම මිසයිල ප්‍රහාර මත යානයේ පිපිරීමක් හට ගෙන තිබෙන අතර, ඉන් හට ගත් ගින්න අවට සිටි පුද්ගලයින් දැක තිබෙන්නට ඇත.

ඉරානය තවමත් මේ පිළිබඳ අදහසක් පළ කර නොමැත.

මෙම අනතුරින් මරණයට පත් මගීන් සංඛ්‍යාව 176 කි. ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සිහිපත් කිරීමට ද ටෘෘඩෝ අමතක නොකළේය.

මේ අතර තවත් පාර්ශව විග්‍රහ කරන්නේ හදිසි අනතුරක් අපරාධයක් ලෙස උළුප්පා පෙන්වීමට ඇමරිකාව වෙර දරන බවයි.

එමඟින් ජාත්‍යන්තරයේ වාසිය තමා දෙසට හරවා ගැනීමේ ප්‍රයන්තයක් මත ඇමරිකාව මෙසේ කටයුතු කරන බව ඔවුන්ගේ විග්‍රහයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි