×

කැනේඩියානු අගමැති ට ආයෙත් කොවිඩ්!

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා ට දෙවන වරටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.


කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (13) දින නිකුත් කළ නිවේදනයක් හරහා තම කොවිඩ් තත්ත්වය තහවුරු කළ අතර, තමා එන්නත ලබාගෙන ඇති බැවින් සුවෙන් පසුවන බව ද සඳහන් කර ඇත.

එමෙන්ම, සෞඛ්‍ය විධිවිධාන වලට අනුකූලව හුදකලා වී සිටීමට තමා කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙතෙක් කොවිඩ් එන්නත් ලබාගෙන නොමැති පුද්ගලයන්ට එම එන්නත ලබාගන්නා ලෙසද, හැකි නම් බූස්ටර් මාත්‍රාව ද ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියි.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පළමු වරට කොවිඩ් ආසාදනයට ලක්වූයේ ඉකුත් ජනවාරි මාසයේ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි