×

මැදපෙරදිග ගැටුම් නොවන්නට අනතුරට පත් යුක්රේන ගුවන්යානයේ මගින් තවමත් ජීවතුන් අතරද?

දේශපාලනික කරුණු මත මැදපෙරදිග රටවල් ස්වෛරීභාවය ආරක්ෂා කර ගෙන සිටින්නේ හා එක්සත් ජනපදය වැනි විදේශ රටවලට සහාය පළ කරන්නේ අන්දමින් දෙකොට්ඨාශයට බෙදී සිටීම සැබෑවකි. එහෙත් මෙම තත්ත්වය උත්සන්න වූයේ සොලෙයිමානි මරා දැමීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ගය නිසාවෙනි.


පසුගිය දිනක ඉරානයේ ටෙහ්රාන් අගනුවර ගුවන් තොටුපළකින් ගමන් ඇරඹි යුක්රේන මගී ගුවන්යානයන් අනතුරට පත්විය.

අනතුරින් සියළු මගීන් ජීවිතක්ෂයට පත්වූ බවට වාර්තා විය.

මුලදී අනතුර සිදුවූයේ කාර්මික දෝශයක් මත යැයි පෙන්වීමට කටයුතු කොට තිබිණි.

එහෙත් පසුව ගුවනේදී සිදුවූ ප්‍රහාරයක් මත මෙම ගුවන් යානය අනතුරට පත්වූ බවට තොරතුරු වාර්තා වී තිබිණි.

එම ගුවන් යානය අනතුරට පත්වූයේ ඉරානය විසින් ම දියත් කළ ප්‍රහාරයකින් බවට ආන්දෝලනාත්මක හෙලිදරව්වක් පළමු වරට සිදුකරන ලද්දේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ විසිනි.

ඉරාන රජය අවසානයේ මෙම සිදුවීමේ වගකීම භාරගත්තේ බරපතල අත්වැරදීමක් බවට පවසමිනි.

එම තත්ත්වයත් සමඟ උරණ වූ ඉරාන වැසියන් වීදි බැස රජයට විරෝධතා පාන අයුරු ද අප දුටුවෙමු.

නිල නොලත් වාර්තා ඉදිරිපත් කර සිටියේ මෙම විරෝධතා මර්දනය කිරීමට පවා ඉරානය කටයුතු කළ බවයි.

කෙසේ හෝ මේ වන විට ඉරාන කූඩ්ස් බලකා ප්‍රධානී කසෙම් සොලෙයිමානි ගේ ඝාතනයත් සමඟ එක්සත් ජනපදය හා ඉරානය අතර සන්නද්ධ අරගල තත්ත්වයක් උද්ගතව පවතී.

මෙම තත්ත්වය තුළ මැද පෙරදිග නොසන්සුන්කාරී වී තිබේ.

ඒ මෙම අරගලයට මැදිවූ විවිධ රටවල් වල ගැටුම් හට ගැනීම ආරම්භ වී පැවතීම නිසාය.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ඊයේ (13) දින තවත් විශේෂ ප්‍රකාශයක් සිදුකොට තිබේ.

ඒ අනුව මැදපෙරදිග ගැටුම් හට නොගන්නට අනතුරට පත් යුක්රේන ගුවන්යානයේ මගීන් අදටත් ජීවතුන් අතර සිටීමට ඉඩ තිබූ බවට ටෘෘඩෝ ප්‍රකාශ කොට තිබේ.

ටෘෘඩෝ ගේ මෙම ප්‍රකාශය උපුටා දැක්වූයේ ග්ලෝබල් නිව්ස් ටීවී පුවත් සේවය විසිනි.

ඇමරිකානු හමුදා ට්‍රම්ප් පරිපාලනයේ උපදෙස් මත සොලෙයිමානි ඝාතනය කිරීමට කටයුතු කිරීමත් සමඟ විවිධ අන්දමින් ප්‍රතිචාර දැක්වීමට ඉරානය පියවර ගන්නා ලදී.

එහිදී ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරකට පහර දීමට ඉරානය කටයුතු කර තිබිණි.

යුක්රේන ගුවන් යානා අනතුරින් මරණයට පත් මගීන් අතර කැනේඩියානු ජාතිකයින් 57 දෙනෙකු සිටීම යන කරුණ මත සංවේදී වන ටෘෘඩෝ පවසා සිටියේ මැදපෙරදිග ගැටුම් නොවන්නට ඔවුන් අදටත් ජීවතුන් අතර බවයි.

එහෙත්, මැද පෙරදිග ගැටුම් උත්සන්න වීමට ඇමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ක්‍රියා කලාපය හේතුවූ බවට නොරහසකි.

ගුවන් මගීන් ගේ ජීවිත වලට සැබවින්ම වගකිව යුත්තේ මැදපෙරදිග ගැටුම්ද?

ඉරානය මිසයිල දියත් කිරීම හෝ බෝම්බ හෙලීම ආරම්භ කළේ මැදපෙරදිග ගැටුම් නිසාද?

අප කිසිවිටකත් යුද්ධය සාධාරිණීකරණය නොකරමු, ඝාතනය ද සාධාරිණීකරණය නොකරමු. එහෙත් ටෘෘඩෝ ගේ ප්‍රකාශය හැඟීම් පසෙක තබා බුද්ධියෙන් විමසිය යුතු යැයි අප විශ්වාස කරමු.

දේශපාලනික කරුණු මත මැදපෙරදිග රටවල් ස්වෛරීභාවය ආරක්ෂා කර ගෙන සිටින්නේ හා එක්සත් ජනපදය වැනි විදේශ රටවලට සහාය පළ කරන්නේ අන්දමින් දෙකොට්ඨාශයට බෙදී සිටීම සැබෑවකි.

එහෙත් මෙම තත්ත්වය උත්සන්න වූයේ සොලෙයිමානි මරා දැමීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ගය නිසාවෙනි.

යුක්රේන ගුවන් යානා මගීන් ගේ ජීවිත වලට වගකිව යුත්තේ ඉරාන රජය බව පැහැදිලිය. කෙසේ වෙතත් මැදපෙරදිග ගැටුම ඉබේ පහල වූයේ නැත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ටෘෘඩෝ මෙසේද සඳහන් කළේය.

සොලෙයිමානි ඝාතනය කිරීම පිළිබඳ පෙර දැනුම් දීමක් එක්සත් ජනපදය කිසිවිටකත් කළේ නැහැ.
එහෙත් එය දැනගත්තේ නම් සහාය පළ කිරීමටද පසුබට වන්නේ නැහැ.
ඇමරිකාව විවිධ තීරණ ගනු ලබනවා. අප ක්‍රියාකරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවක් විදියට පුළුල් ගැටළු සාකච්ඡා කිරීමටයි.
නමුත් ඇතැම් විට අපගේ මිත්‍ර රටවල් අපට දැනුම් නොදී විවිධ ක්‍රියාමාර්ග ගන්නා අවස්ථා තිබෙනවා.

මීට අමතරව, අනතුරින් මරණයට පත් කැනේඩියානු ජාතිකයින්ගේ සිරුරු භූමිදාන කටයුතු සඳහා හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

මේ සඳහා ඇතැම් විට මාස ගණනක් පමණ ගතවීමට ඉඩ ඇති බවද ඔහු පැවසීය.

විමර්ශන කටයුතු සඳහා කැනේඩියානු විමර්ශකයින් සක්‍රිය දායකත්වයක් ලබා දෙනු ඇති බවට ඉරානය විසින් හඟවා තිබූ බවද කැනඩාව ප්‍රකාශ කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි