×

කැනඩාවේ ලැව්ගිණි සමය ඇරඹේ; වායු දූෂණය ඉහළට

කැනඩාවේ හදිසි සූදානම පිළිබඳ අමාත්‍ය බිල් බ්ලෙයාර් පසුගිය සඳුදා දින ප්‍රකාශයක් නිකුත්කරමින් කියා තිබුණේ, රට පුරා ලැව්ගිනි 413 ක් ඇවිලෙමින් පවතින අතර ඉන් 249 ක් පාලනය කළ නොහැකි තත්වයේ පවතින බවයි.


කැනඩාවේ ක්විබෙක්හි ඇවිලෙන ලැව්ගිනි 150කට අධික සංඛ්‍යාවක් හේතුවෙන් ඔන්ටාරියෝ සහ ඊසානදිග එක්සත් ජනපදයේ සමහර ප්‍රදේශවලට ලැව්ගිනිවලින් පිටවන දුම නිසා ඉහළ වායු දූෂණයක් වර්ධනය වී ඇති බව බලධාරීන් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

කැනඩාවේ රජයේ ආයතනය වන Environment කැනඩාව අගනුවර ඔටාවා සහ ටොරොන්ටෝ යන නගර වලට වායු දූෂණ්‍ය ඉහළ මට්ටමකට පවතින බවට අනතුරු ඇඟවීම් නිවේදනයන්ද නිකුත්කර ඇති අතර මෙම තත්වය සතියක් පමණ පැවැතිය හැති බවට ඔවුන් සඳහන් කර තිබේ.

කැනඩාවේ හදිසි සූදානම පිළිබඳ අමාත්‍ය බිල් බ්ලෙයාර් පසුගිය සඳුදා දින ප්‍රකාශයක් නිකුත්කරමින් කියා තිබුණේ, රට පුරා ලැව්ගිනි 413 ක් ඇවිලෙමින් පවතින අතර ඉන් 249 ක් පාලනය කළ නොහැකි තත්වයේ පවතින බවයි.

මේ අනුව ක්විබෙක් දැඩිලෙස ලැව් ගින්නෙන් පීඩාවට පත්ව ඇති අතර මේ වන විට ලැව්ගිණි 150කට අධික ප්‍රමාණයක් එහි දක්නට ලැබෙන බව සඳහන් වේ. මේ හේතුවෙන් අක්කර 265,700 (අක්කර 656,500) කට වඩා වැඩි ප්‍රමාණයක් දැවී ගොස් ඇති බව පළාත් ගිනි නිවන ඒජන්සිය වන SOPFEU සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. අධික උෂ්ණත්වය හේතුවෙන් ගින්න නිවීමේ කටයුතු අසීරුවී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මේ සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, කැනඩාවට මේ වසරේ විශේෂ ලැව්ගිණි සමයක් දක්නට ලැබෙන බවත්, කැනේඩියානු හමුදාවේ සාමාජිකයින් ලැව්ගිනි මැඩපැවැත්වීමට යොදවා ඇති බවත්, වසරින් වසර, දේශගුණික විපර්යාස සමඟ, අපි වැඩි වැඩියෙන් ලැව්ගිනි සහ ඒවා සාමාන්‍යයෙන් සිදු නොවන ස්ථානවල දැකීම හේතුවෙන් රට පුරා තවත් ප්‍රජා මූලික ගිනි නිවන භටයින් පුහුණු කිරීමට රජය ආයෝජනය කර ඇති බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි