×

කෑන්ස් සම්මාන උළෙ​ල

ඔස්කාර් සම්මානලාභී Parasite චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය දැක් වූ දකුනූ කොරියානු නලු Song Kang-ho හොඳම නළුවා සම්මානය Broker චිත්‍රපටය සඳහා හිමිකර ගන්නට විය.දකුණු කොරියානු සිනමාව ප්‍රථම වතාවට කෑන්ස් හිදී ප්‍රධාන ත්‍යාග දෙකක් ලබා ගැනීම ඒ අනුව සිදු විය.


 

Triangle of Sadness චිත්‍රපටය මෙවර 75 වෙනි සුප්‍රකට කෑන්ස් ප්‍රංශ සිනමා සම්මාන උළ‍ෙහිදී Palme D’Or සම්මානය දිනා ගනී.මෙය ස්වීඩන් අධ්‍යක්ෂක Ruben Ostlund විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර, ඔහු 2017 දී ඔහු විසින් “The Square” චිත්‍රපටය සඳහාද ජයග්‍රහණය මෙම සම්මාන හිමි විය. ප්‍රංශයේ ග්‍රෑන්ඩ් ලුමියර් රඟහලේ මෙම සම්මාන උලෙල පැවත්විනි.

විශිෂ්ටතම සිනමා කෘති ද්විත්වය(Grand Prix) සදහා මෙවර සම්මාන නිර්දේශ විය.ඒ අනුව CLOSE චිත්‍රපටයේ අධ්‍යක්ෂ Lukas DHONTසහ STARS AT NOON අධ්‍යක්ෂක Claire DENIS යන අධ්‍යක්ෂවරුන් දෙපලට එකවර සම්මානයන් හිමි විය.Decision to Leave චිත්‍රපටයේ අධ්‍යක්ෂ කොරියානු ජාතික Park Chan-wook හොදම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනා ගන්නට විය.

ඔස්කාර් සම්මානලාභී Parasite චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය දැක් වූ දකුනූ කොරියානු නලු Song Kang-ho හොඳම නළුවා සම්මානය Broker චිත්‍රපටය සඳහා හිමිකර ගන්නට විය.දකුණු කොරියානු සිනමාව ප්‍රථම වතාවට කෑන්ස් හිදී ප්‍රධාන ත්‍යාග දෙකක් ලබා ගැනීම ඒ අනුව සිදු විය.

ඒසමග වසර 20කට පසුව දකුණු කොරියානු සිනමා අධ්‍යක්ෂවරයෙකු කෑන්ස් හොදම අධ්‍යක්ෂවරයාට හිමි සම්මාන මෙවර පාත්‍ර විය.HOLY SPIDER චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වය දැක් වූ Zar Amir Ebrahim හොදම නිලිය සම්මානය මෙවර කෑන්ස් හිදි හිමි විය. HOLY SPIDER ඉරාන චිත්‍රපටයක් වන අතර, Ali ABBASI එහි අධ්‍යක්ෂවරයාය.

හොදම කෙටි චිත්‍රපටය සඳහා Palme D’Or සම්මානයට පාත්‍ර වූයේ HAI BIAN SHENG QI YI ZUO XUAN YA චිත්‍රපටයයි. එය Jianying CHEN අධ්‍යක්ෂවරියගේ නිර්මාණයකි.WAR PONY සිනමා කෘතිය හොදම කැමරාකරණයට හිමි සම්මානයට පාත්‍ර විය.එමෙන්ම JOYLAND චිත්‍රපටය ජුරියේ සම්මාන ඇගයීමට ලක් විය.

 

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි