×

සිරියාවේ මෝටර් රථයක බෝම්බයක් පිපිරීමෙන් 20 දෙනෙකු මරුට

ජනාධිපති අහමඩ් අල්-ෂාරාගේ කාර්යාලය ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දුටු අතර, සිද්ධිය සම්බන්ධයෙන් අන් අයටද ආදර්ශයක් වන ලෙස එහි වැරදිකරුවන්ට ප්‍රබලම දඩුවම් දෙන බවට සඳහන් කර ඇත.


සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු සිරියාවේ මන්බිජ් නගරයට නුදුරින් මෝටර් රථයක සවිකර තිබු බෝම්බයක් පිපිරිම හේතුවෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සිරියානු ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජනාධිපති බෂාර් අල් අසාද්ගේ වැටීමෙන් පසු රට තුළ සිදුවූ මාරාන්තික ප්‍රහාරය මෙය වේ.

පිපිරීමේ වගකීම මෙතෙක් කිසිඳු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර සිරියාවේ නව ජනාධිපති අහමඩ් අල්-ෂාරාගේ කාර්යාලය ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළා දුටු අතර, සිද්ධිය සම්බන්ධයෙන් අන් අයටද ආදර්ශයක් වන ලෙස එහි වැරදිකරුවන්ට ප්‍රබලම දඩුවම් දෙන බවට සඳහන් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි