×

නීති නැවීමට හදිසි බලතල භාවිතා කරන්නේ නැහැ! හොංකොං නායිකා පවසයි

හොංකොං නගරයේ හදිසි බලතල ක්‍රියාත්මක වී තිබෙන්නේ වසර 50 කට පසුවයි!


හොංකොං නායිකා කැරී ලැම් අද (08) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ නව නීති හඳුන්වා දීමට හෝ වෙනත් නීති සංශෝධනය කිරීමට හදිසි බලතල භාවිතා කිරීමේ කිසිදු සැලසුමක් තම පරිපාලනයට නොමැති බවයි.

හොංකොං නගරය තුළ ඉදිරියටත් විරෝධතා ක්‍රියාත්මක වන නිසා පවතින නීතිය තුලින් ම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරනු ඇති බවට ඈ තම නිවේදනයේ සඳහන් කර සිටියාය. 

පසුගිය සෙනසුරාදා දින මුහුණු ආවරණ පැළඳීම තහනම් කිරීමට යටත් විජිත පාලන සමයේ සම්පාදිත හදිසි බලතල ක්‍රියාත්මක කිරීමත් සමඟ උරණ වූ විරෝධතාකරුවන්ගේ පාගමන් හා උද්ඝෝෂණ පසුගිය සති අන්තය තුළත් ක්‍රියාත්මක වූ අතර, ප්‍රචණ්ඩකාරී හැසිරීම් හා පහරදීම් දක්නට ලැබිණි.

වසර 50 කට අධික කාලයක් පුරා චීන-පාලිත හොංකොං නගරයේ ක්‍රියාත්මක නොවූ හදිසි බලතල පසුගිය සිකුරාදා දින ලැම් මෙසේ ක්ෂණිකව භාවිතා කරන ලද්දේ එම නගරයේ නිමා නොවන උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් මැඬපැවැත්වීම සඳහා ය. 

නව නීති සම්පාදනය සඳහා හදිසි බලතල ක්‍රියාත්මක නොවූවද, මුහුණු ආවරණ තහනම ක්‍රියාත්මක කරවූ හදිසි නීතිය ඔක්තෝම්බර් 05 වන සෙනසුරාදා සිට බලපැවැත්වෙන පරිදි මහජනතාවගේ අභිමතය මත “ඕනෑම රෙගුලාසියක්” ක්‍රියාවට ගනු ලැබීමට බලධාරීන් හට ඉඩ සලසා දෙන බවද නායිකා ලැම් තම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි