×

ධාවනය හැර අනෙක් සෑම කටයුත්තකටම භාවිතා කරන ජපන් කාර්!

ජපානයේ වාහන කුලියට ලබා දෙන ආයතන වෙත පැමිණෙන පාරිභෝගිකයන් වාහන ලබා ගන්නේ ධාවනය කිරීමට නොවේ!


පසුගිය සතියේ දිනක, ජපාන මාධ්‍ය සඟරාවක් විසින් අපූරු පුවතක් පළ කර තිබිණ. මෙම පුවතට අනුව, එරට කුලියට වාහන ලබා දෙන ආයතන වෙත පිවිසෙන පාරිභෝගිකයන් වාහන ලබා ගන්නේ ධාවනය කිරීමට නොව වෙනත් කටයුතු වල නිරත වීමටයි. 

“The Asahi Shimbun’s Takeho Morita” සඟරාවට අනුව, ජපානයේ වාහන කුලියට ලබා දෙන ආයතන වලින් කුලියට ලබා ගන්නා මෝටර් රථ ධාවනය කිරීම පසෙක ලා වෙනත් කාර්යයන් වලට යොදා ගැනීම ඉතා ජනප්‍රිය වෙමින් පවතී. 

මෙම ආයතන වෙත පැමිණෙන පාරිභෝගිකයන් කුලියට ලබා ගන්නා මෝටර් රථ භාවිතා කරන්නේ නිදා ගැනීම, ව්‍යාපාර කටයුතු කිරීම, මිතුරන් සමඟ කාලය ගත කිරීම, ආහාර පාන ගැනීම වැනි කටයුතු සඳහා යි!ජපානයේ වාහන කුලියට ලබා දෙන ආයතනයක් වන NTT Docomo මෑතකදී සිදුකළ සමීක්ෂණයකට අනුව හෙලිවී ඇත්තේ, තම මුහුණේ ව්‍යායාම සිදුකිරීම හා එමඟින් මුහුණේ ප්‍රමාණය අඩුකර ගැනීම සඳහා ද පාරිභෝගිකයන් මෙසේ වාහන කුලියට ලබා ගන්නා බවයි.

මෙසේ ධාවනය කිරීම හැර වෙනත් දෛනික කටයුතු වලට වාහන ලබා ගැනීම සඳහා Orix Auto, Times24, හා NTT Docomo වැනි දිවයිනේ ජනප්‍රිය වාහන කුලියට ලබා දීමේ ආයතන වෙත පාරිභෝගිකයන් පැමිණෙන බවට වාර්තා වෙයි.   

ජපානය යනු ඉතා කාර්යබහුල රටකි. එරට තම දෛනික ගමනාගමන කටයුතු සඳහා වාහන නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබේ. කෙසේවෙතත්, ඒ අතරම පිරිසක් මෙම වාහන යොදා ගන්නේ ඒ හා සමානම වැදගත්, එහෙත් ගමනාගමනය හැර වෙනත් දෛනික කටයුතු වල නිරත වීමටයි. 

ටෝකියෝ නගරයේ එක් පාරිභෝගිකයකු පවසා සිටියේ මෙවන් අදහසකි, “මම මගේ දිවා ආහාරය ලබා ගන්න වාහනයක් කුලියට ගත්තා.. මොකද මට මගේ දිවා ආහාරය නිදහසේ භුක්ති විඳින්න වෙන කිසිම තැනක් නෑ.”

ජපානය යනු දශක ගණනාවක් මුළුල්ලේ අධික කාර්යබහුල හා කඩිසර ජන කොට්ඨාශයක් වසන රාජ්‍යයක් බවට කවදත් ප්‍රසිද්ධය. එරට වැඩකරන ජනතාව දිගු පැය ගණනක් එක දිගට තම රැකියාවන් හි නිරත වීම සුලභය. එබැවින්, විඩාවට පත්වන අවස්ථාවන් හීදී කෙටි නින්දක් ලැබීම රැකියාව අතරතුරම සිදුකිරීමේ සංස්කෘතියක් එරට පවතී. මෙය හැඳින්වෙන්නේ “ඉනෙමුරි” යනුවෙනි. 

එම කටුයත්ත සඳහා දැන් ජපානය සොයාගෙන ඇති නවතම විසඳුම මෙසේ මෝටර් රථ කුලියට ලබා ගැනීමයි.  

“මගේ සේවාදායකයන් හමුවීමට ප්‍රථම කෙටි නින්දක යෙදීමට මා හට තිබුණේ මගේ කාර්යාලය ඉදිරිපිට පැවති සයිබර් කැෆේ හල. එහෙත් යෙන් සිය ගණනක් වියදම් කොට වාහනයක් කුලියට ගෙන ඒ කෙටි නින්ද දැමීම මට වඩා පහසුයි,” වාහන කුලියට ගන්නා තවත් පාරිභෝගිකයකු පවසා සිටියේය.

The Asahi Shimbun’s Takeho Morita ඉදිරිපත් කළ මෙම අපූරු පුවතට අනුව, මෙසේ වාහන කුලියට ලබා දෙන ආයතන වලින් පැය භාගයකට අය කරනු ලබන්නේ යෙන් 400 ක මුදලකි. එය ඇමරිකානු ඩොලර් 3.7 කි. මෙම සේවාව තම ජංගම දුරකතනයෙන් වුවද ඉතා පහසුවෙන් ලබා ගත හැකි බව එම පුවත පවසා සිටියි.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි