×

නෙවාඩාහි ජයග්‍රහණයත් සමඟ සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට

නෙවාඩාහි ජයග්‍රහණයත් සමඟ සාමාජිකයින් 100 දෙනෙකුගෙන් යුත් සභා ගර්භයේ ඕනෑම බැඳීමක් බිඳ දැමීමට උප ජනාධිපති කමලා හැරිස්ට හැකි වනු ඇත.


නෙවාඩා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික කැතරින් කෝර්ටෙස් මාස්ටෝ රිපබ්ලිකන් අභියෝගකරු ඇඩම් ලක්සල්ට එරෙහිව මධ්‍යවාර මැතිවරණයේදී තීරණාත්මක ජයග්‍රහණයක් ලැබීමත් සමඟ සෙනෙට් සභාවේ ආධිපත්‍ය ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතුව ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.


ඡන්ද ගණනය තවමත් සිදුවන බැවින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පාලනය කරන්නේ කුමන පක්ෂයද යන්න තවමත් පැහැදිලි නැත. එනමුත් නෙවාඩාහි ජයග්‍රහණයත් සමඟ සාමාජිකයින් 100 දෙනෙකුගෙන් යුත් සභා ගර්භයේ ඕනෑම බැඳීමක් බිඳ දැමීමට උප ජනාධිපති කමලා හැරිස්ට හැකි වනු ඇත.


සෙනෙට් සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බිඩෙන්ගේ කැබිනට් පත්වීම් සහ අධිකරණ තේරීම් අනුමත කරනු ලබන අතර, මේ සම්බන්ධයෙන් බයිඩන් වාර්තාකරුවන්ට පවසා තිබුණේ තමා ඇදහිය නොහැකි තරම් සතුටු වන බවයි.


පෙන්සිල්වේනියා, ඇරිසෝනා, නෙවාඩා සහ ජෝර්ජියාව මැතිවරණයේදී තීරණාත්මක ඡන්ද මර්මස්ථාන වූ අතර පෙන්සිල්වේනියාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විශාල ජයග්‍රහණයක් ලැබූ අතර, එහිදී ජෝන් ෆෙටර්මන් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රසිද්ධ හෘද ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මෙහ්මෙට් ඕස් පරදවා දැනට රිපබ්ලිකානුවෙකු විසින් දරන අසුනක් ලබා ගත්තේය. ඇරිසෝනා ප්‍රාන්තයේ රිපබ්ලිකන් බ්ලේක් මාස්ටර්ස් පරාජය කරමින් ඇරිසෝනා සෙනෙට් සභික මාර්ක් කෙලී මැකිවරණය ජයග්‍රහණය කරනු ලැබීය. නෙවාඩා හි ප්‍රතිඵල දැන් තීරණය වී ඇති අතර, දෙපාර්ශවය තවමත් සෙනෙට් ආසනයක් සඳහා තරඟ කරන එකම ප්‍රාන්තය ජෝර්ජියාවයි.


මේ වන විට ට්‍රම්ප්ගේ ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨ කරන MAGA සටන ජනතාව විසින් ප්‍රතික්ෂප කරමින් ඇත. ඒ අනුව ඩිමොක්‍රටිකයින් සභාව තුළ කොන්ග්‍රසයේ ජය ද තහවුරු කර ගැනීමට සමත් වුවහොත්, ගබ්සා තහනම ඉවත් කිරීමේ අයිතිය ඇතුළු බිඩෙන්ගේ ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමට එය තවත් අවස්ථාවක් වනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි