×

Titanic ප්‍රේමවෘත්තාන්තයට ගීතමය පණක් දුන් ඇය අද සුවෙන් ද?

Get Well Soon ඩියෝන්! ඉක්මනට සනීප වෙලා ජැක්ගෙයි රෝස්ගෙයි ආදරයට ආයෙත් පණක් දෙමු!


“Every night in my dreams..I see you, I feel you…”Yeah! I feel your pain යනුවෙන් Celine Dion ගේ වර්තමාන තත්ත්වය දන්නා ඕනෑම අයෙකුගේ මුවගින් පිටවන වචන ටිකක් විය හැක. මෙය ඇයගේ අයහපත් සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ දිඟහැරුමකි.

ඡායාරූප; Cine Series
ඡායාරූප; Metro UK
ඡායාරූප; The Teal Mango

1968 මාර්තු 30 වන දා උපත ලද සෙලීන් ඩියෝන්(Celine Dion) කැනේඩියානු ගායිකාවකි. පොප්(pop), රොක්(rock), R&B, gospel සහ කැසිකල් ආදී එකී නොකීමෙකී සියලුම ගායනමය අංශයන්හි දස්කම් පෑ ඇයගේ ඇල්බමයන් මිල දී ගැනීමට පවා ලොව පුරා රසික හඳවත් මහත් ඇල්මක් දක්වා තිබුණි. ප්‍රංශ ගීතයට පදවැල් අමුනමින් තම සංගීත දිවිය ඇරඹූ ඇය පසුව ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, ලතින්, ජපන් සහ චීන යන භාෂාවලින් ද ගායනා කර තිබුණ ද ඇය ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා වලින් ගීත ගැයූ කෝකිලාවියකි.

“The Power of Love”, “Think Twice”, “Because You Loved Me”, “It’s All Coming Back to Me Now”, “My Heart Will Go On”, “I’m Your Angel”… ආදී රසික හඳවත් මුසපත් කල ගීත වලට පණ දුන්නේ ද Celine Dion විසිනි.

කෙසේ වෙතත්; ඇයට ඇස්වහක් වැදුනා දෝ යන හැඟීම අපට ඇති කරමින් මේ දිනවල ඇයගේ සෞඛ්‍ය තත්ත්වය නම් එතරම් සුභදායක නොවන බවට වාර්තා වේ. ඇගේ මාංශ පේශී පාලනය කළ නොහැකි අන්දමින් වේදනා ඇති කරවන අතර ඇවිදීමේ සහ ගායනා කිරීමේ නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණපෑමට ඇයට සිදු වී ඇති බව ඇය පැවසුවා ය. ලබන වසරේ එක්සත් රාජධානියේ සහ යුරෝපයේ සැලසුම්ගත සංදර්ශන සඳහා ද ඇයට සහභාගී විය නොහැකි බවයි.

“මම දිගු කලක් තිස්සේ මගේ සෞඛ්‍ය ගැටලු සමඟ කටයුතු කරමින් ඉන්නවා” ඩියෝන් තවදුරටත් පැවසීය.

“මෑතකදී මට ස්ටිෆ් පර්සන් සින්ඩ්‍රෝමය(Stiff Person Syndrome) නම් ඉතා දුර්ලභ ස්නායු ආබාධයක් ඇති බව” හඳුනාගෙන ඇති බව ඇය පැවසූ අතර එය මිලියනයකින් එකකට බලපාන ස්නායු ආබාධයකි.

ඡායාරූප; ABC

“අපි තවමත් මෙම දුර්ලභ තත්වය ගැන ඉගෙන ගනිමින් සිටින අතර, මම දැන් දන්නවා මට ඇති වූ සියලුම කැක්කුම් ඇතිවීමට හේතුව මෙයයි.” යනුවෙන් ඇය ඉන්ස්ටගෑමයෙහි වීඩියෝවක් පල කරමින් තම සංවේදී තතු ඉදිරිපත් කළා ය.

අවාසනාවකට මෙන්, මෙම වේදනාත්මක අත්දැකීම ඇයගේ දෛනික ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරන අතර සමහර අවස්ථාවන් හීදී ඇවිදීමේදී දුෂ්කරතා මෙන්ම ඇයගේ ගායන විලාශයටද යම් යම් බාධා පමුණුවා ඇත.

ඇය මේ දිනවල ඇයගේ වෛද්‍යවරයා සමඟ තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අරගල කරමින් සිටින බවත් වාර්තා වේ.

“මම දන්නේ ගායනය කිරීම ගැන විතරයි. ඒක තමයි මම මගේ මුළු ජීවිත කාලය පුරාම කරලා තියෙන්නේ, මම වැඩිපුරම කරන්න ආස දේත් ඒකයි.” ඇයගේ මෙම ප්‍රකාශයන් තුළින් ඇගේ සිත් පීඩාව අපට හැගෙනවා ඇත.

එපමණක් නොව ඇයට රසික රසිකාවියන් මඟ හැරෙන බවත්, ඔවුන් වෙනුවෙන් වේදිකාවේ ඉදිරිපත් කිරීම් සිදු කිරීම ද මඟ හැරී ඇති බවත් ඇය ශෝකය උපදවමින් පැවසුවා ය.

Get Well Soon ඩියෝන්! ඉක්මනට සනීප වෙලා ජැක්ගෙයි රෝස්ගෙයි ආදරයට ආයෙත් පණක් දෙමු!

ඡායාරූප; Business Today
ඡායාරූප; CBC
ඡායාරූප; Vulture

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි