×

යුධ අපරාධ සැකකරුවා අන්තර්ජාතික අපරාධ අධිකරණයට භාර දෙයි

මධ්‍යම අප්‍රිකාවේ යුධ අපරාධ සැකකරුවෙකු බවට පත්ව සිටි හිටපු කැරළි නායකයෙකු කොංගෝ රජය විසින් අන්තර්ජාතික අපරාධ අධිකරණය (International Criminal Court- ICC) වෙත භාර දී ඇති බව වාර්තා වේ.


මේ බව ICC විසින් ද සනාථ කර ඇත.

යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යන චෝදනා ඔහුට විරුද්ධව නගා තිබුණේ 2013 වසරේදී ය. නමුත් වසර 8 කට වැඩි කාලයක් මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව මෙම සැකකරුව ආරක්ෂා කරමින් ඔහුව භාරදීම ප්‍රතික්ෂේප කර තිබුණේය.

මහමත් සයිද් අබ්දෙල් කානි නමැති මෙම කැරළිකාර හමුදා කමාන්ඩෝවරයා 2013 වසරේදී එරට බලය සුළු කාලයකට අල්ලා ගත් ‘සෙලීකා‘ කණ්ඩායමේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළේය. මෙය මුස්ලිම් සුළුතර සන්ධානයකි.

සිවිල් වැසියන් ‘ක්‍රමානුකූල ලෙස‘ (“systematic”) ඝාතනයට ලක් කළ බවට ඔහුට චෝදනා එල්ල වේ.

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති අන්තර්ජාතික අපරාධ අධිකරණය වෙත කොමාන්ඩෝ කානි ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත ය.

මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ යුද්ධය

සානිට අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළේ 2019 ජනවාරි 7 වැනිදා ය. මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ අගනුවර වන බාන්ගුයි හිදී 2013 වසරේදී කළ අපරාධ වෙනුවෙන් මෙය සිදුකෙරිණි.

සානි මෙසේ අත්අඩංගුවට පත් වන්නේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබියදී ය. එරට හමුදාව මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සහයෝගය ඇතිව සන්නද්ධ අරගලයක යෙදී සිටියි.

2013 වසරේදී සානි අයත් වූ සෙලීකා කල්ලිය, එවකට ජනපති ෆ්‍රැන්කොයිස් බොසීසේ පළවා හැර බලය අල්ලා ගත්තේය. ක්‍රිස්තියානි මිලීෂියා භටයන්ට එරෙහි යුද්ධයක් ලෙස මෙය දක්වා තිබිණි. අතිශය කුරිරු අපරාධවල යෙදෙමින් ඔවුන් සිය බල ග්‍රහණය රඳවා තබාගත් අතර, දහස් ගණනක් මෙහිදී මිය ගිය අතර, සිය දහස් ගණනක් අවතැන් විය.

මෙම කණ්ඩායමේ නායකයන් කිහිප දෙනෙක් ද ගතවූ කාලය තුළ අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. එවැනි දෙදෙනෙකුට එරෙහි නඩු විභාග ද මේ වන විට පැවැත්වේ.

FILE PHOTO: Seleka fighters gather before crossing a river near town of Kuango, close to the border of Democratic Republic of Congo June 9, 2014. REUTERS/Goran Tomasevic

The relative of a woman that recently gave birth yesterday to twins holds one of the babies before departing towards Chad’s border, escorted by troops from the African Union operation in CAR (MISCA) in the northern town of Kaga Bandoro April 29, 2014. All the remaining Muslims that have been sheltered from sectarian violence in the neighbourhood of PK12 in Bangui, over one thousand, have been evacuated towards the northern town of Kabo and Sido on the border with Chad. REUTERS/Siegfried Modola (CENTRAL AFRICAN REPUBLIC – Tags: POLITICS CIVIL UNREST MILITARY TPX IMAGES OF THE DAY) – GM1EA4U0R9001



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි