×

ලෝකප්‍රකට පෙට්‍රෝනස් කුළුණෙහි ගෘහ නිර්මාණ ශිල්පියා ජීවිතයෙන් සමුගනී

මිය යන විට ඔහුට වයස අවුරුදු 92කි


ලෝක ප්‍රසිද්ධ මැලේසියාවේ පිහිටි පෙට්‍රෝනස් ටවර්ස් හී නිර්මාතෘ සෙසර් පෙල්ලී මිය ගිය බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන ලදී. මිය යන විට වයස අවරුදු 92ක් වූ ඔහු ඇමරිකානු ජාතික ගෘහනිර්මාණ ශිල්පියෙකි. මැලේසියාවේ ක්වාලාලම්පූර් අග නගරයේ පිහිටා ඇති මෙම සුප්‍රසිද්ධ පෙට්‍රොනාස් කුළුණු ඉදිකරන ලද්දේ 1998 වසරේදීය.

එය ඉදිකරන අවධියේදී ලෝකයේ උසම ගොඩ නැගිල්ල වූයේද පෙට්‍රොනස් කුළුනයි. පෙට්‍රොනස් කුළුනට අමතරව ලන්ඩනයේ සුප්‍රසිද්ධ වන් කැනඩා චත්‍රරශ්‍රය ජපානයේ ඔසාකාහී ජාතික කලා කෞතුකාගාරය වැනි ලෝක ප්‍රසිද්ධ වූ ගෘහනිර්මාණයන් රැසකම නිර්මාපකයා වූයේ සෙසර් පෙල්ලිය.

ඔහු හැදී වැඩුන ආර්ජන්ටිනාවේ ටුකුමන් පළාතේ පාලනාධිකාරිය විසින් ඔහු මිය ගිය බවට තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

සෙසර් පෙල්ලිගේ මරණය සම්බන්ධව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරන ආර්ජන්ටිනාවේ ජනපති මොරීෂියෝ මාර්සි පවසන්නේ ඔහු සිය රටෙහි ආඩම්බරය වූ බවයි.
ටුකුමාන් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වූ සෙසර් පෙල්ලි 1952 වසරේදී ඇමරිකාවට ගියේය.
ඉන්පසු 1977 වසරේ සිට 1984 දක්වා ගෘහනිර්මාණය පිළිබදව විශ්ව විද්‍යාලයේදී අධ්‍යාපනය හැදෑරූ ඔහු රන් සම්මාන ඇතුළු සම්මාන රැසක් ඇමරිකානු ගෘහනිර්මාන ශිල්පය පිළීබද ධ්‍යාපන ආයතනය වෙතින් ලබාගනු ලැබීය.

This image has an empty alt attribute; its file name is kisspng-the-national-art-center-tokyo-mori-art-museum-21-sights-5abb0e97b39193.1475963515222084077355-900x520.jpg

The National Art Center

නිවුයෝර්ක් හී ලෝක වාණිජ මධ්‍යස්ථානය, චිලී හී ග්‍රෑන් ටොරේ සැන්ටියාගෝ ගොඩ නැගිල්ල ඔහු දායක වූ මෑත කාලීන් ගොඩ නැගිලි වෙයි. ලෝකයට ගෘහනිර්මාණ ශිල්පයේ සුන්දරත්වය කියා දුන් ඔහුට අපේ ආචාරය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි