×

”චන්ද්‍රයාන් 2” බලසම්පන්නම ඉන්දීය රොකට්ටුව හෙට සඳ වෙත ගමන් අරඹයි!

චන්ද්‍රයාන් 2 මෙහෙයුම සාර්ථක වුවහොත් චන්ද්‍රයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ලෙස පතිත කළ ලොව සිවු වන රට බවට ඉන්දියාව පත්වනු ඇත.


ඉන්දියාව විසින් චන්ද්‍රයා පිළිබඳ සිදු කරන මෙහෙයුම් සදහා අභ්‍යවකාශ ගත කිරීමට නියමිත චන්ද්‍රයාන් 2 යානය හෙට පෙරවරු 2.51ට මුදාහැරීමට කටයුතු යොදා තිබේ. ඉන්දියානු අභ්‍යවකාශ ක්‍රියාකාරකම් ඉතිහාසයේ වඩාත් බලසම්පන්නම අභ්‍යවකාශ රොකට්ටුව මෙය ලෙස සැළකේ.

මිනිසුන්ගේ සහභාගීත්වයක් නොමැතිව ඉන්දියාව විසින් සිදු කරන දෙවන දෙවන චන්ද්‍ර මෙහෙයුම මෙය වෙයි.

චන්ද්‍රයාන් 2 යානය සදවෙතට ලගාවනු ඇති බවට අපේක්ෂා කරන්නේ එළැඹෙන සැප්තැම්බර් 6 වන දිනයි. එය අභ්‍යාවකාශගත කිරීමත් සමඟ ඉන්දීය අභ්‍යාවකාශ තාක්ෂණයේ නව පරිච්චේදයක් ආරම්භ වනු ඇති අතර මේ මගින් සඳ මත භූ ලක්ෂණ සවිස්තරාත්මකව අධ්‍යයනය, ඛනිජ විශ්ලේෂණය ඇතුලු පර්යේෂණ රැසක් එමඟින් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව චන්ද්‍රයාගේ ආරම්භය හා පරිණාමය පිළිබඳ අධ්‍යයනය මෙහි ප්‍රධානතම අරමුණ වී ඇත.

ඉන්දියානු ජනපති රාම්නාත් කෝවින්ද් මෙම චන්ද්‍රයාන් 2 යානය මුදා හැරීමේ අවස්ථාවට සහභාගී වනු ඇති අතර ඔහු මෙවැනි ඉන්දියානු අභ්‍යවකාශ මෙහෙයුමක් දැක බලා ගත් තෙවන ඉන්දියානු ජනපති බවටද පත් වේ.


මේ සදහා ඉන්දියාව විසින් වැය කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 1000කි.
මෙම චන්ද්‍රයාන් 2 මෙහෙයුම සාර්ථක වුවහොත් චන්ද්‍රයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ලෙස පතිත කළ ලොව සිවු වන රට බවට ඉන්දියාව පත්වනු ඇත. ඒ රුසියාව, ඇමරිකාව, චීනයට පසුවයි. පසුගියදා මෙවැනි යානයක් චන්ද්‍රයා වෙතට යැවීමට ඊශ්‍රයලය විසින් ගත් උත්සාහය අසාර්ථක විය.

ඉන්දියාවේ මීලග අභ්‍යවකාශ මෙහෙයුම ලෙස සැළසුම් කර ඇත්තේ ගංගායාන් මෙහෙයුමයි. 2022 වන විට මිනිස් සහභාගීත්වය සහිත අභ්‍යවකාශ මෙහෙයුමක් ඉන්දියාව විසින් සාර්ථක කර ගන්නා බවට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ලබා දී ඇති පොරොන්දුවකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි