×

කාබුල් නුවර ඇද වැටීම 1 – කාබුල් ගුවන්තොටට පැමිණි සිවිල් වැසියෝ ගුවන්යානාවල නැගෙන්නට පොර කති

ඊයේ දිනයේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තලෙයිබාන් සටන්කාමීන්ගේ ග්‍රහණයට නතු වූ අතර, කාබුල් පුරා තවමත් ඇසෙන්නේ වෙඩි හඬයි.


මේ අතර, තහවුරු නොකළ වීඩියෝ ගණනාවකින්, කාබුල් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත කඩා වැදෙන සිවිල් වැසියන් දහස් ගණනක්, ගුවන් යානාවලට නගින්නට පොර බදන ආකාරය දැකගත හැකි වේ.

පෑගීම සහ තදබදයට ලක් වීම නිසා 5 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ද වාර්තා වේ. මේ අතර ඇතැම් වාර්තාවක දැක්වෙන්නේ මෙම මරණ 5 සිදුව තිබෙන්නේ වෙඩි තැබීම් නිසා බවයි.

ගුවන් යානාවලට දහස් ගණන් දෙනා නගින්නට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට එම ගුවන් යානා කිසිසේත්ම ගුවන් ගත කළ නොහැකි තත්වයක් උද්ගත වී තිබේ.

මෙවැනි වීඩියෝ සීඑන්එන් සහ ගාඩියන් වැනි අන්තර්ජාතික පුවත් සේවාවන් මගින් ද පළ කර ඇති ආකාරය ද දැකගත හැකිය.

කාබුල් අගනුවර සියලු රජයේ කාර්යාල තලෙයිබාන් අණසකට

මේ වන විට කාබුල් නුවර පිහිටා තිබෙන සියලු රජයේ කාර්යාල, අමාත්‍යාංශ ආදිය අත්පත් කර ගැනීමට තලෙයිබාන් සංවිධානය කටයුතු කරමින් සිටියි.

ජනාධිපති කාර්යාලය ද ඔවුන් විසින් අල්ලාගෙන තිබේ.

ඇෆ්ගන් ජනපති රටෙන් පළා යයි

බටහිර සහාය ලබන ඇෆ්ගන් ජනපති අෂ්රෆ් ගානි, ඔවුන් ජනාධිපති මාළිගයට කඩා වැදීමට පෙර රටෙන් පළා යාමට සමත් වී තිබේ.

නමුත් දහස් ගණනක් වන කාබුල් නුවර වැසියන්ට ඔහුට තරම් වාසනාවක් නැත.

කාබුල් අන්තර්ජාතික ගුවන් කලාපය බොහෝ ගුවන් සේවාවන් විසින් මේ වන විට තහනම් කලාපයක් ලෙස සලකමින් තිබෙන්නේ, තත්වයේ බැරෑරුම් කම සලකා බලමිනි.

දහස් ගණන් දෙනා තමන් සතු වාහනවල නැගී අගනුවරින් පළා යනආකාරය ද දැකගත හැකිය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි