×

වඩා කැත ගා ගැනීම

“දවාගැනීම ගැන ප්‍රශ්නයක් නැහැ. එය සාධාරණය කරන්න අනතුරු හැඟවීම් කළ බවට බොරු කිම අවශ්‍යය නැහැ.”


දීප්ති ෂර්මා විසින් මන්කාඩ් ක්‍රමයට චාලී ඩීන් දවා ගැනීම ගැන මේ වන විට ක්‍රිකට් ලෝකයේ විශාල කතා බහක් ඇති වී ඇත. ඒ සිඳුවීම සිදුවන්නේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති කාන්තා එක්දින තරගාවලියේ තෙවන තරගයේදී ය. ඒ වන විටත් ඉන්දියාව තරග 2- 0 ක් ලෙස ඉදිරයෙන් සිටි අතර දිප්ති ෂර්මා විසින් චාල්ස් ඩීන් දවා ගන්නා විට එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් අවශ්‍යය වී තිබිණ. එසේම පන්දු වාර හයකට වැඩි ප්‍රමාණයක් ඉතිරිව තිබුණු අතර දවා ගන්නට තිබුණේ එක කඩුල්ලකි. චාල්ස් ඩීන් සිටියේ ලකුණු 47 ක් එක් කරගෙන වන අතර ඔහු තරගය එංගලන්තයේ ජයග්‍රහණයක් බවට පත් කරාවි යන සැකය දීප්ති,ඇයව මන්කාඩ් ක්‍රමයට දවා ගැනීමට ප්‍රධාන වශයෙන් බලපෑවේය. නමුත් අවසාන කඩුල්ල සහිතව ඔවුන්ට ලකුණු 16 ක් ලබා ගැනීමට පන්දු ඕවර් හයකට වඩා ඉතිරිව තිබුණා මෙන්ම ඉන්දියාවට ද ලකුණු 16 ලබා නොදි එක් කඩුල්ලක් දවා ගැනීමෙන් ජය සනාත කර ගැනීම සඳහා ඉඩ විවෘතව තිබුණි.

මන්කාඩි ක්‍රමය දැවී යාමකී. නමුත් නූතණ ක්‍රිකට්වලට අනුව එය සදාචාරාත්මකද යන ප්‍රශ්ණය ඉතිරිව ඇත. ගැටළුව ඇත්තේ එතැනය. මේ දැවී යාම මන්කාඩ් ක්‍රමය ලෙස හඳුන්වන්නේ 1947 /1948 ඉන්දීය ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගයකදී පන්දු යවන්නාගේ අන්තයේ සිටි ඕස්ට්‍රේලියානු පිතිකරු බිල් බ්‍රවුන්ව ඉන්දියාවේ විනෝ මන්කාඩ් පන්දු යැවීමේදී පිතිකරු සිමාවෙන් එළියට පිවිසීමේදි කඩුල්ල බිඳ දුවද්දී දවාලීම නිසාය. මීට පෙර ඕස්ට්‍රේලියා ඒ කණ්ඩායම සමඟ පැවති තරගයකදි ද,මන්කාඩ් බිල් බ්‍රවුන්ව ඒ ආකාරයටම දවා ගෙන ඇතත්,එම අශෝභන නීතියට නම හැටියට බ්‍රවුන් එක් නොවී ආසියාතික මන්කාඩ් පමණක් එක් විය. නමුත් මේ මන්කාඩ් විසින් හඳුන්වා දුන් හෝ සොයා ගත් නිතියක් නොවන අතර පළමුවරට එම නිතිය පදනම් කරගෙන දැවීයාමක් වාර්තා වි ඇත්තේ 1835 සසෙක්ස් සහ නොටින්ග්හැම්ෂයර් අතර තරඟයේදී ය. එහිදී දැවී ගොස් ඇත්තේ සසසෙක්ස් කණ්ඩායමේ ජෝජ් බේගෙන්ට් ය. දවා ගෙන ඇත්තේ නොටින්ග්හැම්ෂයර් කණ්ඩායමේ තෝමස් බාර්කර් ය.

මෙම දැවී යාම සදාචාරසම්පන්න නොවන බව කියන බොහෝ අය ක්‍රිකට් හී පිතිකරුවාට වාසි සහගත සිටීමේ කෝණයේ සිටම සිටන බව හැඟෙයි. නමුත් මෙවැනි අවස්ථාවක පන්දු යැවිමට පෙර ඒ ආකාරයෙන් සීමාවෙන් එළියට පැමිණිමෙන් පිතිකරුවා ලකුණක් සඳහා නියමිත දුරට වඩා අවම දුරක් දුව යන්නේය.එය මීටර් දශම ගණනක දුරක් වුවත් දශම ගණනකින් විය හැකි දැවීමක් වළක්වන්නට එය ප්‍රයෝජනවත්ය. ලකුණු නොදෙන්නට පන්දු යවන ක්‍රීඩකයෙකුට මෙවැනි හැසිරීමක් මානසිකව පීඩා ගෙන දෙන්නක්ය. ඒ අනුව ඒ පැත්ත මේ නීතිය ඇතුළත කතාවට ලක් නොවීම අඩු පාඩුවක්ය.

නමුත් ක්‍රිකට් ලෝකයේ මේ වන විට එවැනි දැවීයාම් සඳහා උනන්දු වන්නේ නැත.පන්දු යවන්නා තමන්ට ඉන් ඇති වන පිඩනය සමනය කරගනු පිණිස කරනු ලබන්නේ විනිසුරුටද දන්වා පිතිකරුවාට අවවාද කිරිමය. සමහර අවස්ථාවල දුවද්දි පිතිකරු මැද වැටෙන අවස්ථාවක කඩුල්ල බිඳ දවා ගැනීමකට පවා නොයන අවස්ථා අප දැක ඇත.එය මහත්වරුන්ගේ ක්‍රීඩාවේ හොඳ තත්ත්වයකි.නමුත් මෙවැනි සිඳුවීම් අවවාද කිරීමකින් පසුව සිඳුවන අවස්ථා ද ඇත. ටෙස්ට් පිටියේ මෙවැනි සිඳුවීමක් අවසාන වරට වාර්තා වි ඇත්තේ 1978/79 ඔස්ට්‍රේලියා පකිස්තානු තරගාවලියකදී පර්ත් හී දී ය. පන්දු යවන්නා වි ඇත්තේ ඇලන් හර්ස්ට් ය. පිතිකරු වී ඇත්තේ සිකන්දර් බක්ට් ය.

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ අවසාන සිඳුවීම කර ඇත්තේ 2014 දී ශ්‍රී ලංකාවේ සචිත්‍ර සේනානායකය.ඒ අවවාද කිරිම් කිහිපයකින් පසුව එංගලන්තයේ ජොස් බට්ලර්ව පන්දු යැවිමේ අන්තයේදී දවා ගනිමින්ය. ජාත්‍යන්තර 20/20 පිටියේදී 2016 දී එවැනි සිඳුවීමක් වාර්තා වී ඇති අතර එම තරගය හොංකොං කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අතර පවත්වා ඇත.එහිදි හොංකොං කණ්ඩායම නියෝජනය කළ මාර්ක් සින්ක්ලෙයාර් එම අභාග්‍ය සම්පන්න ඉරණමට ගොදුරු වි ඇත. තවමත් ක්‍රීඩාවේ යෙදෙන මාර්ක් මේ වන විට නවසීලන්ත සංචිතයේ සිටින ක්‍රීඩකයෙක් වන අතර ඔහු 2022 ජූලි මාසයේ නවසීලන්තය සහ ස්කොට්ලන්තය සමඟ පැවති 20/20 සහ එක්දින ජාත්‍යන්තර තරග ද්විත්වයකදීම තරගයේ වීරයා වන්නට සමත්කම් පා ඇත. සින්ක්ලෙයාර් බොහෝ විට හඳුන්වන්නේ මාර්ක් චැම්පෙන් නමින් වන අතර ඔහුව මන්කාඩ් ක්‍රමයට දවා ගෙන ඇත්තේ ඕමානයේ පන්දු යවන්නෙක් වන අමීර් කලීම් ය.

කාන්තා තරග ඉතිහාසයේ එක්දින තරගයක මෙවැනි සිඳුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව දීප්ති ෂර්මා විසින් චාලී ඩීන් දවා ගැනිම හැටියට හැඳින්විය හැකිය. 20/20 තරගයකදී 2021 වසරේ දී මෙවන් සිඳුවීමක් වාර්තා වි ඇති අතර එම සිඳුවීමට සම්බන්ධ පන්දු යවන්නිය කැමරුන් කණ්ඩායමේ මඊවා ඩොයුමා ය. ඉතිහාසයේ වාර්තාවන එවැනි අභාග්‍ය දවා ගැනීම් හතරකට ඩොවුමා මේ තරගයේදී උගන්ඩා ක්‍රීඩිකාවන් ගොදුරු කර ගන්නීය.ඩොවුමාගේ සදාචාරයට කළු පැල්ලමක් වුවත්,ක්‍රීඩාවේ නීතිය නොසළකා කටයුතු කරන්නට මෑතකදී අනීතිකව විදේශ සංචිත වැඩි කර ගැනීම ලෝකයේම චෝදනාවන්ට ලක් වී ශ්‍රී ලංකාව ද සම්බන්ධ කළ කතා වැපිරූ උගන්ඩා ක්‍රීඩිකාවන් පෙළඹීම ද අවතක්සේරු කළ නොහැකිය. මඊවා ඩොයුමා විසින් දවා ගත් උගන්ඩා ක්‍රීඩිකාවන් වන්නේ කෙවින් ඇවිනෝ, රීටා මුසමාලි, ඉමැකුලේට් නකිසුයී සහ ජෙනට් ම්බාසිය.

නැවත මේ සටහනේ මුලට ගිය විට දීප්තිගේ දැවී යාම සදාචාර සම්පන්න ද නැද්ද යන්න තර්කය පසෙක තබා පන්දු යවන්නියක් විදිහට ඇයට දැණුන පීඩාව ගැන සිතා මේ දැවීයාම ක්‍රිකට් නීතියට අනුකූල නිසාත් එය සාධාරණය කරන්නට බැරි නැත. එහෙත් මේ දැවියාම හරහා ඉන්දීය ක්‍රිකට්වලට සහ දීප්ති ෂර්මාගේ පාමුල යම් අසූචි කන්දක් ගොඩ ගැහුණේනම් එය ඟද ඉවසා පසෙකලන්නට තිබුණ ඉඩ දීප්ති විසින් අවලංගු කරගෙන එය තමාගේත් ඉන්දියාවේත් හතර අත උලා දමන්නේ ජයග්‍රාහිකාවන් ලෙස ඉන්දියාවට පැමිණි මොහොතේය.

ඇය එහිදී මහත්වරුන්ගේ ක්‍රීඩාවේ තමන්ද නෝනා මහත්මියක ලෙස සළකුණු කර ගන්නට දොඩන හතර රියන් බොරුව නිසා දවා ගැනීමට වඩා කැළලක් ඇති කර ගන්නේය. දිප්ති,ඉන්දියාව ශුද්ධ කරන්නට බලා සිටින ඉන්දීය මාධ්‍යය ඉදිරියේ තමා විසින් කරන ලද දවා ගැනීම පිතිකාරිණි චාලී ඩින් ට කිහිප වරක් අවවාද කිරීමෙන් ඉනික්බිතිව සිඳු කළ බව පවසන්නේය.

දීප්තිගේ මේ ප්‍රකාශය මේ දක්වා සැඟවී තිබුණු ගිණි පුළුඟුවට හුළං ඇල්ලීමක් බඳු විය.
මේ තරගාවලියට ආබාධයක් නිසා එක් නොවුණු එංගලන්ත නායිකා හීදර් නයිට් ගේ නිදා උන් යකා අවදිවෙන්නේ මේ ප්‍රකාශයත් සමඟය.

“දවාගැනීම ගැන ප්‍රශ්නයක් නැහැ. එය සාධාරණය කරන්න අනතුරු හැඟවීම් කළ බවට බොරු කිම අවශ්‍යය නැහැ.”

සිය ටිව්ටර් ගිණුමේ නයිට් ඒ ආකරයට සටහන් කරනවා. එසේම ඔවුන් දැක් වූ දක්ෂතා අනුව ජයග්‍රහණයට සුදුසු කණ්ඩායම බවත්, ඔවුන් තරගාවලිය දක්ෂතාවය අනුව ජය ගැනීම ගැනත් අගය කරන සහ ප්‍රශංෂා කරන නයිට් පිළිකුළෙන් බැහැර කරන්නේ දීප්තිගේ බොරු කිමයි.

එසේම ස්කයි මාධ්‍යවේදී චාල්ස් ඩග්නාල් පවසන්නේ ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත්ගේ තමා මේ සිඳුවිම ගැන විමිසූ අවස්ථාවේදී ඇය ඉතා දක්ෂ අන්දමින් එයට පිළිතුරු දුන් බව තමා විශ්වාස කරන බවය. නමුත් ඇය එහිදී කිසිම විටකදී චාලිට අනතුරු ඇඟවීමක් කළ බව නොපැවසූ බව ද චාල්ස් අවධාරණය කරන්නේය.

දීප්ති ෂර්මාගේ මහත්මා ගුණය ගැන ප්‍රශ්න කරන්න වැඩි ඉඩක් ඒ දැවියාම සම්බන්ධයෙන් උද්ගත නොවුණේ එය නීත්‍යානුකූල විම නිසාය. නීත්‍යාණුකූලවීම යන්නම මහත්මා ගුණයකි.නමුත් ඒ ගුණය තවත් හැඩ දමා ඔප දමා කැටයම් කපා බබලවා ගන්නට යාමෙන් තමන් විසින් කළ ක්‍රියාවේ ඇති සදාචාරාත්මක නොවන බවට මත පළකිරීම සුද්ධ කරගන්නට යාමෙන් දිප්ති කර ඇත්තේ, මුල් සිදුවීම මල පහ කිරිමක්නම් දෙවන සිඳුවිමෙන් ඒ අසූචි මුළු ඇඟෙම තවරා ගැනීමක්ය.

නමුත් මේ දැවියාම නව නිතිය අනුව නිත්‍යාණුකූල වුව ද මීට පෙර තිබුණේ පන්දු යැවීමේ සීමාව ඉක්මවා ගොස් එය කළ නොහැකි බවය.ඒ නිසා මේ නීතිය සදාචාරසම්පන්න නොවන බව කියන අතරේම එයට ඇති අවස්ථාවන් පුළුල් කිරීමද ගැටළුකාරීය. මිනිස්සු පිඩාවට සහ අවමානයට ලක් කරන නීතිමය ඉඩක් යනු ක්‍රීඩාවට නොව මනුස්ස වර්ගයාට ද හොඳ නැත.ඒ නිසා ඒවා අවසන් කරනු විනා තව දුරටත් ක්‍රියාත්මක කරන්න ඉඩ සැදීම ද සදාචාරසම්පන්ණ නොවන්නේය. දීප්ති පතුරු ගසන ප්‍රවීනයන් කතා නොකරන්නේ ම එයය.හැබැයි තියෙන නිතියට කළ යුතු වැඩේ කිරීම ගැන අර්බූදයක් නැතත් දීප්ති එය සාධාරණය කර ගන්න ගොස් ගා ගැනීමනම් අනුමත කරනු නොහැකිය. අතේ පැලවෙන පට්ටපල් බොරු කියා නෝනා කෙනෙක් වෙන්න යාමෙන් වෙන්නේ තවත් නෝනාවරුන්ට අනුචිත ක්‍රියාවක් නිරත වෙමින් දීප්තිගේ දිප්තිය තව දුරටත් අව පැහැ ගන්වා ගැනිමකි.

මේ සමඟ ඉන්දිය නායිකා හර්මන්ප්‍රීත්ගේ https://www.skysports.com හී අඩංගු සංවාදය ද, දීප්ති විසින් කරන දවා ගැනිමේ විඩියෝ දර්ශන ද ඇතුළත් කර ඇත.

https://www.skysports.com/cricket/news/12123/12705648/charlie-dean-mankad-dismissal-heather-knight-accuses-india-bowler-deepti-sharma-of-lying-over-warnings-claim

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි