×

ඉතාලියේ Chatgpt තහනම්!

ඉතාලිය තුළ Chatgpt සේවාව මාර්තු 31වන දින සිට තාවකාලික වශයෙන් භාවිතය තහනම් කිරීමට කටයුතු කළ බව ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය නිවේදනය කරනු ලැබීය.


පසුගියදා ඉතාලි රජය විසින් OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද Chatgpt සේවාව භාවිතය තාවකාලික වශයෙන් තම රට තුල සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කර ඇත. මේ සමඟ Chatgpt සේවාව වාරණයකට ලක් කල පළමු බටහිර රට බවට ඉතාලිය පත්විය.

වර්තමානය වෙද්දි මේ බොහෝ දෙනෙකුට Chatgpt එදිනෙදා ජිවිතය තුළදි නැතුවම බැරි අංගයක් බවට පත්වි අවසන්.

මෙවැනි පසු බිමක Chatgpt සේවාව නිසා පෞද්ගලිකත්වය පිළිබඳව ගැටලු ඇතිවි තිබෙන බව ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව අදාළ ගැටලුව පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා ඉතාලි රජය අනුමැතිය ලබා දී තිබේ.

ඉතාලිය තුළ Chatgpt සේවාව මාර්තු 31වන දින සිට තාවකාලික වශයෙන් භාවිතය තහනම් කිරීමට කටයුතු කළ බව ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය නිවේදනය කරනු ලැබීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි