×

පැපොල වසංගත තත්ත්වයක් නිසා මෙක්සිකානු සංක්‍රමණිකයින් අනාථයි!

ආසාදිතයින් අතර 69 දෙනෙකුම කුඩා දරුවන් බව වාර්තා වේ.


උතුරු මෙක්සිකෝවේ පැපොල වසංගත තත්ත්වයක් ව්‍යාප්තව ඇති බවට වාර්තා වේ.

මෙමඟින් එක්සත් ජනපදයේ සිට මෙක්සිකෝව දක්වා පිටත් කරන ලද සංක්‍රමණිකයන් විසූ නිවාස වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මධ්‍යම ඇමරිකානු සම්භවයන් සහිත මෙම සංක්‍රමණිකයන් සිය නිවාස අහිමි වීම මත අසරණ වී ඇති බවට පැවසේ.

මෙක්සිකානු බලධාරීන් මේ වන විට වසංගත තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.

ටෙක්සාස් හි එල් පාසෝ සිට දේශසීමාව හරහා මෙක්සිකෝවේ සියුඩාඩ් ජුවාරෙස් හි සංක්‍රමණික නවාතැනපලක් මෙසේ වසා දමා ඇති අතර, ආසාදනයට ගොදුරු වූ පුද්ගලයින් 72 දෙනෙකු රෝහල් ගත කොට තිබේ.

ආසාදිතයින් අතර 69 දෙනෙකුම කුඩා දරුවන් බව මෙක්සිකෝවේ චිහුවාවා ප්‍රාන්ත බලධාරීන් පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි