×

ළමා විවාහ 830 ක් නවතා දැරියන් පාසැල් යැවූ මලාවි හි  ධෛර්යවන්තිය

මලාවි හී දැරියන්ගෙන් හරි අඩකට විවාහ වන්නට සිදු වන්නේ වයස අවුරුදු 18 එළැඹෙන්නටත් පෙරය.


ඇය තෙරේසා කචින්ඩමොටෝය. ශක්තිවන්ත ‍මෙන්ම ධෛර්යවන්ත ඇය මලාවි රාජ්‍යයෙහි ඩෙඩ්සා දිස්ත්‍රික්කයේ ප්‍රධානියාය. 900,000 ට ආසන්න ජනතාවකට නායිකාව වන ඇය සැබවින්ම මලාවි කාන්තාවන්ගේ වීරවරියකි. එපමණක් නොව ලෝකයටම ආදර්ශයකි.

යුද්ධය, දිළිදුබව, ආර්ථවය, ළමා විවාහයන්, අපයෝජන මේ සියල්ලකින්ම ලෝකයේ වැඩියෙන්ම බැට කන්නේ ගැහැණුන්ය. ඇය ඒ බව හොදින්ම දැන සිටියා මෙන්ම සිය රටේ කාන්තාවන් සහ දැරීවියන්ගේ හෙට දවස වෙනුවෙන් නොබියව තීරණ ගත්තාය.

පසුගිය වසර තුන අතුළත ඇය සිය දිස්ත්‍රික්කයේ ළමා විවාහයන් 850කට වැඩි ප්‍රමාණයක් අවලංගු කරන්නට ඈ පෙළඹෙන්නේ කාන්තාවන් පීඩනයට ලක් කරමින් සිටි සිය රටේ සාම්ප්‍රදායන් , සිරිත් විරිත් බලපෑම්, ජාතිකත්වය මේ ආදී සියල්ලටම එරෙහිව යමිනි.

මෙතරම් දැරියන් ප්‍රමාණයක් ළමා විවාහ වලින් බේරා ගත් ඇය මීළගට කළේ ඔවුන් සියලු දෙනා පාසැල වෙත යැවීමයි.

මලාවි හි දැරියන්ගෙන් හරි අඩකට විවාහ වන්නට සිදු වන්නේ වයස අවුරුදු 18 එළැඹෙන්නටත් පෙරය. ඒ 2012 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් ඒ බව තහවුරු වේ.

නමුත් තෙරේසා මේ වන විට ළමා මලාවියන් තුළ සිදුවන ළමා විවාහ සම්ප්‍රදාය නතර කර දැමී මට අඩිකාලම දමා ඇත. එපමණක් නොව මලාවි සෑම දැරියක්ම වයස අවුරුදු 7 වන විට ලිංගි පූර්ව පුහුණු වඩසටහන් සදහා සහභාගී විය යුතුය එමගින් සිදු කරන්නේ සති කිහිපයක් දැරියන් සදහා කාන්තාවක් බවට පත්වන්නේ කෙසේද, නිවසේ වැඩ කටයුතු සිදු කරන්නේ කෙසේද, සිය ස්වාමියාට ආවතේව කළ යුත්තේ කෙසේදැයි ආදියයි. මේ දක්වාම වෙනත් කිසිදු දේශපාලකයෙක් මෙකී සම්ප්‍රදාය මලාවියෙන් අතුගා දමන්නට කටයුතු නොකළද තෙරේසා සිය පාලන දිස්ත්‍රික්යෙන් මෙම සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම නැති කළාය.

ඇය උපත ලබන්නේද ඇය ප්‍රධානත්වය දරන ඩෙඩ්සා දිස්ත්‍රික්කයේමය, වෙනත් දිස්ත්‍රික්කයක වසර 27ක් ලේකම්වරියක ලෙස කටයුතු කළ ඇය පෙරළා සිය දිස්ත්‍රිකකයට පැමිණෙන විට වයස අවුරුදු 12ට අඩු ළමා මවුවරුන් ගණණාවක් සිය දරුවන් ඇති දැඩි කරනු ඈ දුටුවායත. ඇය දැඩි අදිටනින් කමන් උඵන් දි්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නිළධාරිනිය බවට පත් වූවාය . පසුගිය වසරේ මලාවිය දැරියන් විවාහ විය යුතුතේ වයස අවුරුදු 18න් පසු බවට නීති සම්පාදනය වූ අතර කෙරේසා කචින්ඩමොටෝ ඒ සදහා විශාල දායකත්වයක් ලබා දුන්නාය. නමුත් මලාවියේ තවමත් ළමා විවාහයන් බහල සෙ සිදු වන අතර ඒවා දෙමවුපියන්ගේ අවශ්‍යතා හා කැමැත්ත පරිදි සිදු වන ඒවාය.

සිය දිස්ත්‍රික්කය තුළ වාර්ෂිකව සිදුවන සෑම ළමාවිවාහයක්ම නවතා දමන්නට කටයුතු කළ ඈ ඒ දරුවන් වහාම පාසැල් යවන්නට කටයුතු කළ අතර ඔවුන් වෙනුවෙන් පාසැල් ගාස්තු ගෙවන්නටද කටයුතු කළාය ඒ ඇයගේම මුදලිනි. එතැනින් නොනැවතුනු ඇය මලාවි පාර්ලුමේන්තුවට යොජනා කළේ සිය රටේ තරුණියන්ට විවාහ විය හැකි අවම වයස අවරුදු 21 දක්වා ඉහළ දමන ලෙසයි.

මලාවි හී පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් ජීවත් වන්නේ ඒඩ්ස් රෝගීන් ලෙසය. එමෙන්ම ළමා දූෂණයන් සිදුවන ප්‍රමාණයද අති ඉහළය. තෙරේසා කචින්ඩමෙටෝ මෙම තත්ත්වයෙන් රට බේරා ගැනීමේ මූලික අඩි තාලම සිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති අතර අධ්‍යාපනය තුළින් රට වෙනස් කළ හැකි බවට ඇය මේ වන විටද තහවුරු කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි