×

දරුවන්ගේ ‘වසරේ වචනය’

විශ්ව විද්‍යාල මුද්‍රණාලය පවසන්නේ මෙම සොයාගැනීම් වලින් ඔවුන් වර්තමාන සිදුවීම් හරහා අවට භාෂාව අවශෝෂණය කර ගන්නා ආකාරය හඳුනාගත හැකි බවයි.


Oxford University Press (OUP)මඟින් 2022 දී දරුවන්ට වැදගත් යැයි හැඟෙන වචන තේරීම සඳහා එක්සත් රාජධානියේ වයස අවුරුදු 6 සිට 14 දක්වා ළමුන් 4,000 කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන තිබේ.

විශ්ව විද්‍යාල මුද්‍රණාලය පවසන්නේ මෙම සොයාගැනීම් වලින් ඔවුන් වර්තමාන සිදුවීම් හරහා අවට භාෂාව අවශෝෂණය කර ගන්නා ආකාරය හඳුනාගත හැකි බවයි.

ඒ අනුව 2022 වසරේ වසරේ ළමා වචනය ලෙස තේරී පත්ව ඇත්තේ ‘රැජිණ’ යන්නයි. දෙවනුව ‘සතුට’ යන වචනය හා තෙවනුව ‘අවුල’ යන වචනය ලැයිස්තු ගත කර ඇත.

මේ සම්බන්ධයෙන් Oxford University Press (OUP) පවසන්නේ එක්සත් රාජධානිය පුරා සිටින බොහෝ දරුවන් පසුගිය වසරේ රිදී ජුබිලි සැමරුම් මෙන්ම පළමු වරට පළමු වරට රජෙකුගේ මරණය අත්දැකීමට හැකිවීමත් සමඟ වසරේ වචනය ලෙස ඔවුන් රැජින තෝරන්නට ඇති බවයි. එය ගැහැණු දරුවන් 52%ක් හා පිරිමි දරුවන් 36%ක් තෝරා ගැනීමත් සමඟ ස්ත්‍රී පුරුෂ භාවය අතර වෙනස පෙන්නුම් කරන බවයි.

දශකයකට වැඩි කාලයක් පුරා OUP හි ළමා භාෂා අංශයේ ශබ්දකෝෂ ශිල්පීන්, විශේෂඥයින් සහ ශාස්ත්‍රීය පර්යේෂකයන් ළමා භාෂාවේ සහ ස්වයං ප්‍රකාශනයේ පරිණාමය විශ්ලේෂණය කර ඇත. ඒ අනුව 2020 වසරේ එය ‘කොරෝනා වෛරසය’ වූ අතර 2021 වසරේදී එය ‘සාංකාව’ ලෙස ලැයිස්තු ගත කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි