×

මඟීන් 38ක් සමඟ චිලී රාජ්‍යයට අයත් ගුවන් යානයක් අතුරුදන්

.


චිලී රාජ්‍යයේ මිලිටරි සේවාවට අයත් ගුවන් යානයක් මගීන් 38 දෙනෙකු සමග ඇන්ටාක්ටිකා ගුවන් පථය තුළ  අතුරුදහන්ව ඇතැයි චිලී ගුවන් හමුදාව නිවේදනය කරයි.

C-130 Hercules නම් මගී ප්‍රවාහන ගුවන් යානයක් වන මෙය ගුවන් ගත වී පැය 2ක කාලයක් තුළ ප්‍රධාන පාලක මැදිරිය සහ සියළු සම්බන්ධතා ඇණ හිට ඇති බව වාර්ථා වේ. අතුරු දහන්වන අවස්ථාවේ යානයේ කාර්ය මණ්ඩලය 17ක් සහ මගීන් 21ක් ගමන් කර ඇත.

ඇන්ටාක්ටිකාවේ කින්ග් ජෝර්ජ් දිවයිනේ ඇති හමුදා කඳවුර වෙත සහායක සැපයුම් සේවා සැළසීම සඳහා මෙම පිරිස ගමන් කර ඇති අතර යානය සෙවීමේ කාර්ය මේ වන විට ආරම්භ වී ඇත.

යානය පියාසර කරවීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් යානයේ නියමුවා එය ආරක්ෂිත ස්ථානයකට ගෙන ගියාදැයි සැක සහිත බව චිලී ආරක්ෂක අංශ පවසයි. දකුණු අත්ලාන්තික් සහ දකුණු පැසිෆික් සාගර සම්බන්ධ කරන ඩ්‍රේක් පැසේජ් නම් ස්ථානයේදී යානය අතුරු දහන් වන්නට ඇති බවත් අනුමාන කරයි.

සිදුවීම පිළිබදව චිලී හී ජනපති සෙබෙස්තියෙන් පිනේරා ට්විටර් පණිවිඩයක් නික්තු කරමින් පවසන්නේ තමන් මේ පිළිබදව සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් තමන් අගනගරය සන්තියාගෝ සිට තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්ය.

එක්සත් රාජධානිය සහ ආර්ජන්ටිනාව විසින් හිමිකාරීත්වය දරන දේශ සීමාවට මායිම්ව ඇන්ටාක්ටික් භූමියේ වර්ග කිලෝමීටර් මිලියන 1.2 (වර්ග සැතපුම් 463,000) කට වඩා චිලී රාජ්‍ය මගින් පාලනය කරයි.එම භූමි ප්‍රමාණය තුළ නඳවුරු නවයක් ක්‍රියාත්මක වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි