×

පැන්ඩෝරා පේපර්ස් නිසා චිලී ජනපති දෝශාභියෝගයට ලක්වෙයි!

චිලී රාජ්‍යයේ ජනපති සෙබස්ටියන් පිනේරා මහතා දෝශාභියෝගයට ලක්ව තිබේ.


ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකා වලින් අනාවරණය කරන ලද අක්‍රමිකතා චෝදනා හමුවේ මෙලෙස ඔහු දෝශාභියෝගයට ලක්ව තිබේ.

චිලී රාජ්‍යයේ කොන්ග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් අදාළ දෝශාභියෝගයට ඡන්දය ප්‍රකාශ කර තිබේ. පිනේරා මහතා ජනාධිපතිව සිටියදී එරට සිය පවුලේ කොටස් ඩොලර් මිලියන 138 විකිණීම සම්බන්ධ ගිවිසුමක් පිළිබඳව පැන්ඩෝරා පත්‍රිකා වලින් අනාවරණය කර ඇති අතර, මෙය රජයේ පාරිසරික රෙගුලාසි වලට අනුකූල නොවන බවට කියවේ.

කෙසේවෙතත් චිලී ජනාධිපතිවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මන්ත්‍රීවරුන් 155 දෙනෙකුගෙන් යුත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 78ක් ලබා ගනිමින් දෝෂාභියෝගය සඳහා වූ ඡන්දය සම්මත විය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඇතුළුව ව්‍යවස්ථාදායකයන් 67 දෙනෙකු දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය දුන් අතර, ඇතමෙකු ඡන්දය දීමෙන් වැළකී හෝ නොපැමිණ සිට තිබේ.

මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගෙන් යුත් ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් චිලී ජනපතිවරයාට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට ඉඩක් නොමැත. ඊට හේතුව නම්, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ විපක්ෂයට ඇත්තේ ජනාධිපතිවරයෙකු ඉවත් කිරීමට අවශ්‍ය ඡන්ද 29න් 24ක් පමණි.

සෙබස්ටියන් පිනේරා මහතා මෙලෙස අක්‍රමිකතා චෝදනා ලැබූ වත්මන් තුන්වෙනි ලතින් ඇමරිකානු ජනාධිපතිවරයා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි