×

චීනය, 70 වසරක කොමියුනිස්ට් පාලනය ඉහළින් සමරයි

හොංකොං වැසියෝ චීනයට එරෙහිව පෙළපාලි යති.


අද චීනයේ ජාතික දිනයයි. ඔවුන් මෙවර සමරන්නේ සිය නිදහසේ 70 වන වසරයි. ලෝකයේ අන් ජාතීන් සියල්ලක්ම පාහේ සිය රාජ තන්ත්‍රීය ක්‍රම වේදයන් විවිධ අයුරින් අත්හදා බලද්දී චීනය සිය 70 වසර පුරාම කොමියුනිස්ට් පාලනයක් සිය රට තුළ පවත්වා ගැනීමේ සමතුන් වූහ. ලොව වැඩිම ජනගහණයක් සිටින ජාතිය සේම අද වන විට ලෝක ආර්ථිකයේ ගාමක බලවේගයක් වන්නට ඔවුන්ට හැකිව ඇත‍

70 වසරක ඉතිහාසය තුළ පාලකයන්ගේ උඩුගං බලා යෑමේ ප්‍රතිපත්තිය නිසා චීන ජනතාව ගෝලීය සමාජයේ කොටස් කරුවන් තුළ අහිමි වූ දේද බොහෝමයකි. ඒ නිසාම සිය රජය මහත් ඉහළින් සමරන ජාතික දිනය බෙහෝ චීන ජාතිකයන්ට හුදු නිවාඩු දිනයක් පමණක් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. මන්ද මෙවර ජාතික දින සැමරුමේදී චීනය වැඩි අවධානයක් යොමු කර ඇත්තේ සිය ජනතාව සහ නිදහස සැමරීමට වඩා සිය යුධ හැකියාව සහ හමුදාමය ශක්තිය පෙන්වීමටය .

ඒ කෙසේ වෙතත් මෙවර ජාතික දින සැමරුමේදී ඔවුන් සූදානමින් සිටි පරිදි ලෝකය මෙතෙක් නොදුටූ විරූ යුධ අවි සහ සිය තාක්ෂණික ප්‍රභලත්වය මේ වන විට ඔවුන් ප්‍රදර්ශනය කරමින් සිටිති.

බීජිං නගරයට රැස්වූ දහස් ගණන් චීන වැසියන් ඉදිරියේ ප්‍රදර්ශනය වන අති විශාල ජාතික දින පෙළපාලියේදී ජනතාව වෙත සිය රටේ තාක්ෂණික ප්‍රබලත්වය මෙතෙක් ජයග්‍රහණයන් විදහා පාමින් සිටිති.
චීන ජාතික දින සැමරුමේ අවස්ථා කිහිපයක්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි