×

භූ කම්පනයක් ඇති කරමින් රසායනික කම්හලක පිපිරුමක්, 44ක් ජීවිතක්ෂයට

රික්ටර් මාපකයේ අංශක 2.2 ක කම්පනයක්ද ඇති වූ බව බව චීන භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.


චීනයේ රසායනික මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිපිරුමක් නිසා 44 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 640ක් පමණ දෙනා තුවාල ලබා ඇති බවත් චීන පුවත් සේවය ක්ෂිංහුවා පවසයි.

පොහොර කම් හලක් ආශ්‍රිතව සිදු වූ මෙම පිපිරුම අති විශාල ශබ්දයක් සහා ගින්නක් සමග සිදුව ඇති අතර ඒ හේතුවෙන් රික්ටර් මාපකයේ අංශක 2.2 ක කම්පනයක්ද ඇති වූ බව බව චීන භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.

මෙය චීනයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්ථාවූ කාර්මික අනතුරු වලින් එකකි. කිලෝ මීටර් තුනක් පමණ දුරකට මෙම පිපිරුමේ බලපෑම සිදුව ඇති අතර ඒ තරම් දුරින් පිහිටි ගොඩ නැගිලි වහල සහ ජනෙල් වලට පවා හානි සිදු වී ඇත.
මින් පෙර චීනයේ 2018 වසරේ නොවැම්බර් මස මේලෙසම කර්මාන්ත ශාලාවක පිපිරුමක් සිදුව ඇති අතර එහිදීද පුද්ගලයන් 22 ජීවිතක්ෂයට පත් විය.
එ වසරේම සිචුවාන් හී ඇති වූ පිපිරුමෙන් 13 ක් මිය ගොස් ඇති අතර 2015 වසරේ ටියැන්ජින් හී සිදු වූ පිපිරුමක් නිසා පුද්ගලයින් 160 දෙනෙකු මිය ගොස් ඇත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි