×

කොරෝනා අස්සේ එවරස්ට් තරණය කරන චීන ජාතිකයන්:

එවරස්ට් කන්ද තරණය කරන චීන කඳු නගින්නන් සිකුරාදා මීටර් 6,450 ක (සැතපුම් හතරක්) උන්නතාංශයක පිහිටි කඳවුරට ළඟා වනු ඇතැයි අපේක්ෂා කළ බව චීන ටිබෙට් කඳු නැගීමේ සංගමය (සීටීඑම්ඒ) සමඟ සම්බන්ධතා පැවැත්වූ ගවේෂණ මෙහෙයුම්කරුවෝ පැවසූහ.


කොරොනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් විදේශිකයන්ට තහනම් කර ඇති ප්‍රදේශයක් වන එවරට් කඳු පන්තිය චීන කඳු නගින්නන් දුසිමකට අධික පිරිසක් තරණය කරමින් ගවේෂණය කිරීමට පටන් ගෙන තිබේ. වසංගතය හේතුවෙන් මෙම වසන්ත සමයේදී අවසර දී ඇත්තේ චීන කඳු නගින්නන්ට පමණි.

ලෝකයේ උසම කඳු මුදුන චීනය හා නේපාලය මායිමේ පිහිටා ඇති අතර එයට දෙපැත්තෙන්ම නැඟිය හැකිය. චීනය විදේශීය කඳු නගින්නන් සඳහා ඔවුන්ට අයත් පැත්ත වසා දමා ඇති අතර කොවිඩ් -19 ට ප්‍රතිචාර වශයෙන් නේපාලය සියළුම ගවේෂණ අවලංගු කර ඇත.

මෙම රෝගය මුලින්ම මතු වූයේ මීට මාස තුනකට පෙර මධ්‍යම චීනයේ ය. මේ දක්වා එරට පුද්ගලයින් 3,300 ක් පමණ ආසාදනය වීමෙන් මිය ගොස් ඇත.

චීනය පවසන්නේ මේ වන විට රෝගය පැතිරීම නැවතී ඇති අතර මේ වන විට ව්‍යාප්තිය ආරම්භ වූ හුබෙයි පළාතේ වුහාන් නගරයට බලධාරීන් යම් ප්‍රවේශයක් ලබා දීමට පටන් ගෙන ඇති බවයි.

එවරස්ට් කන්ද තරණය කරන චීන කඳු නගින්නන් සිකුරාදා මීටර් 6,450 ක (සැතපුම් හතරක්) උන්නතාංශයක පිහිටි කඳවුරට ළඟා වනු ඇතැයි අපේක්ෂා කළ බව චීන ටිබෙට් කඳු නැගීමේ සංගමය (සීටීඑම්ඒ) සමඟ සම්බන්ධතා පැවැත්වූ ගවේෂණ මෙහෙයුම්කරුවෝ පැවසූහ.

කඳු නැගීමේ වාර්තාකරුවන් පවසන්නේ කඳු නගින්නන් කන්ද මුදුනට ළඟා වුවහොත් එය ඉතා දුර්ලභ අවස්ථාවක් වනු ඇති බව පැවසෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි