×

හොංකොං හි මානව හිමිකම් පිළිබඳ ඇමරිකානු සෙනට් සභාවේ තීන්දුවට චීනයේ විරෝධය!

අපේ ප්‍රශ්න අපි බලාගන්නම්, චීනයෙන් තගක්!


හොංකොං නගරයේ මූල්‍ය කේන්ද්‍රය අභියස ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දියත් වූ විරෝධතා හා එය මර්දනය කිරීමට චීනය කටයුතු කිරීම පිළිබඳ ඇමරිකාව ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාව විසින් ඒකමතිකව තීන්දු කළ පරිදි හොංකොං වාසීන් ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා නීති සම්මත කරන ලදී. 

මෙම තීන්දුව ඇමරිකානු සෙනට් සභාව විසින් ගනු ලැබුවේ පසුගිය අඟහරුවාදා (19) දිනය. 

ඒ අනුව, සෙනට් සභිකයින්ගේ ඒකමතික ඡන්දයෙන් හොංකොං මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පනත නමින් සම්මත කර ගත් පනත ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ලබා දීමට නියමිතය. මේ පිළිබඳව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ද මීට පෙරද පැහැදිලි ස්ථාවරයක් දරනු ලැබීය. කෙසේ මුත් මෙම පනත එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත යොමු කිරීමට ප්‍රථම ඇමරිකානු සෙනට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අතර පවතින මතභේද විසඳා ගෙන සිටිය යුතු බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

කෙසේ වෙතත්, මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් අද (20) දින චීනය සිය පැහැදිලි විරෝධය පා තිබේ. 

චීන විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට සිටියේ එක්සත් ජනපදය හොංකොං හා චීන කටයුතු වලට අත පෙවීම නතර කළ යුතු බවත්, මෙකී පනත හොංකොං හි නීතියක් බවට පත්වීම වහා නතර කළ යුතු බවත් ය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි