×

ආසියාවේ සිටින ඇමරිකානු හමුදා සහමුලින්ම නැති කරන්න චීනයට ගත වෙන්නේ එක පැයක් පමණයි

සිඩ්නි විශ්වවිද්‍යාලය මගින් සිදු කළ නවතම පර්යේෂණයකින් හෙළි කරයි


අද වන විට ඇමරිකානු හමුදාව යනු තවදුරටත් ආසියනු මහද්වීපය තුළ සුළු කොට තැකිය හැකි පිරිසක් නොවන්නේය. මන්ද ආසියානු රටවල් ගණනාවකට ඇමරිකානු හමුදාවේ මැදහත්වීම් සිදුව ඇති බවිනි. එය එසේ වන විට චීනය විසින් නොනවත්වා සිය හමුදාව තර කරගනිමින් සිටී. මෙම චීන හමුදාවට ආසියාවේ සිටින ඇමරිකානු හමුදාව මුළු මුණින්ම විනාශ කිරීමට ගත වනු ඇත්තේ පැයක පමණ කාලයක් බව පසුගියදා සිදු කෙරුණ සමීක්ෂණයක් මගින් අනාවරණය විය.


ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ඇමරිකානු අධ්‍යයන මධ්‍යස්ථානය මගින් මේ සම්බන්ධ පර්යේෂණ අධ්‍යයනය සිදු කර තිබූණි. එහිදී නිකුත් කළ වාර්ථාව මගින් අනාවරණය කරන්නේ ඉන්දු පැසිපික් කලාපය තුළ ඇමරිකානු ආරක්ෂණ උපාය මාර්ග පිළීබදව තව දුරටත් ඇමරිකාව සැළකිළිමත් විය යුතු බවයි. මන්ද චීනය පෙර නොවූ විරූ ලෙස සිය ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමෙන් ඇමරිකාවට එල්ල විය හැකි බලපෑම අති මහත් විය හැකි බැවිනි.
එම පර්යේෂණ වාර්ථාව පවසන්නේ ආසියානු කලාපය තුළ ඇමරිකානු හමුදාව සමග ඔස්ට්‍රේලියාව, ජපානය ඇතුළු අනෙකුත් අමරිකානු සහයෝගී රාජ්‍ය්‍යන්ට අයත් හමුදා ඒකාබද්ධ විය යුතු බවයි.

අධ්‍ය්‍යන වාර්ථාව පෙන්වා දෙන්නේ ඇමරිකාව හා ඒකබද්ධ ආසියාතික රාජ්‍ය්‍යන් සියල්ලේම ආරක්ෂක ශක්තිය අභිබවා ගිය තාක්ෂණයක් සහ පිරිස් බලයකින් මෙන්ම මිසයිල ශක්තියෙන් චීනය මේ වන විට සන්නද්ධ වී ඇති බවය.
මේ සම්බන්ධව CNN සේවය විසින් කළ විමසීමකදී  චීන විදේශ ඇමති ගෙන් ෂෝන්ග් පවසන්නේ කමන් එවැනි වාර්ථාවක් ගැන නොදන්නා බවත් සිය ආරක්ෂණ ප්‍රතිපත්තිය වන්නේ පවතින තත්ත්වයෙන් රට ආරක්ෂාකර ගැනීම මගින් සාමකාමී ලෙස සංවර්ධනය කරා යෑම පමණක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි