×

හෙනාන්හි මිලියන 88 කට වැඩි පිරිසකට කොවිඩ්

මේ වන විටත් රටේ නිල සංඛ්‍යා දත්ත ඉතා පටු සීමාවක ඇති අතර මහා පරිමාණ පරීක්ෂණ තවදුරටත් අනිවාර්ය නොවේ.


චීනයේ ජනගහනයෙන් තුන්වනුවට වැඩිම ජනගහනය සහිත පළාත වන හෙනාන්හි මිනිසුන්ගෙන් 90% කට ආසන්න ප්‍රමාණයකට මේ වන විට Covid-19 ආසාදනයව ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් මාධ්‍ය වෙත වාර්තා කර තිබේ. එය සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්නේ නම් මිලියන 88.5ක් බව පළාත් නිලධාරි කන් ක්වාන්චෙන්ග් ඊයේ(09)දිනයේදී පැවැති මාධ්‍ය සාකච්ඡෘවකදී සඳහන් කර තිබිණ.

හෙනාන් පළාතේ Covid-19 සංඛ්‍යා ලේඛණ වාර්තා මධ්‍යම රජයේ කොවිඩ් සංඛ්‍යා ‌ලේඛණවලට වඩා හාත්පසින්ම වෙනස් වන අතර, Qingdao වරාය නගරයේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු වාර්තා කළේ දිනකට මිලියන භාගයක් ජනතාව ආසාදනය වන බවයි.

මේ වන විටත් රටේ නිල සංඛ්‍යා දත්ත ඉතා පටු සීමාවක ඇති අතර මහා පරිමාණ පරීක්ෂණ තවදුරටත් අනිවාර්ය නොවේ. චීනයේ නිල වාර්තාවන්ට අනුව සමස්ත ජනගහනය වන, බිලියන 1.4 කින් පුද්ගලයින් 120,000 කට පමණ ආසාදනය වී ඇති අතර කොවිඩ් ප්‍රතිපත්තියේ මාරුවෙන් පසු 30 ක් මිය ගොස් ඇත.

ඊයේ(08) දිනයේදී බීජිං සියලු ජාත්‍යන්තර පැමිණීම් සඳහා අනිවාර්ය නිරෝධායනය ඉවත් කර හොංකොං සමඟ සිය දේශ සීමාව විවෘත කරනු ලැබීය. එමෙන්ම වසර කිහිපයකට පසු සිය විශාලතම නිවාඩුව ඔවුන් මෙවර සමරණ අතර මිලියන ගණනක් දෙනා නගරවල සිට ගම්බද ප්‍රදේශවල සිටින ඥාතීන් බැලීමට යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේත් සමඟ රට පුරා ආසාදිත පුද්ගලයන්ද විශාල වශයෙන් ඉහළ යනු ඇත.

පසුගිය මාසයේ සිට Covid-19 රෝගීන් වාර්තා වීමත් සමඟ රට විශාල වශයෙන් Pfizer හි ප්‍රතිවෛරස්කාරකය ගෙන්වීමට රජය කටයුතු කළ අතර ෆයිසර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ආරක්ෂිත සහ ප්‍රමාණවත් සැපයුමක් ලබා දීම වෙනුවෙන් ෆයිසර් සමාගම චීන රජය සහ අදාළ සියලුම පාර්ශවකරුවන් සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කරන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි