×

වූහාන් නැවත වසා දැමේ.

ඒ අනුව චීනයේ පසුගිය කාර්තුවේ සිට ජුනි මස අවසානය දක්වා මාස තුනක කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය 2.6% කින් පහත වැටී ඇත.


මෙම සතිය තුළ දිනකට නව කොවිඩ් ආසාදිතයන් 25 ක් හා පසුගිය සති දෙක තුළ රෝගීන් 200 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟ ඔක්තෝම්බර් 30 වන දින දක්වා වූහාන් නැවත වරක් වසා දමා ඇති බව වාර්තා වේ.

මේ වන විට බීජිංහි ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන හෙයින් නගරය මෙලෙස අගුලුදමා ඇති අතර මින් පීඩාවට පත් පිරිස ලක්ෂ 800000කට ආසන්නය. ඒ අනුව දෛනිකව චීනයේ කොරෝනා ආසාදිතයන් 1,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තාවන අතර ඔක්තෝබර් 24 වන විට, රට පුරා නගර 28 ක් පමණ අගුලු දැමීමේ පියවරයන් අනුගමනය කළ බව චිනයේ ප්‍රවෘත්ති වාර්තා කර තිබේ.


ලොව විශාලතම iPhone නිෂ්පාදන කම්හල පිහිටි Zhengzhou නගරයට මෙහි බලපෑම් එල්ලව ඇති අතර මේ පිළිබඳව BBC වාර්තා කර තිබුණේ iPhone නිෂ්පාදන කම්හලෙහි සේවකයන් සැලකිය යුතු පිරිසක් නිරෝධායනයට යොමුව ඇති බවයි.


චීනයේ නිරන්තරව වන අඟුලු දැමීම් එහි ආර්ථිකයට බලවත් තර්ජනයක් වන අතර චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකකට පමණ වගකිව යුතු කලාපවල මිලියන 207 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටිති. ඒ අනුව චීනයේ පසුගිය කාර්තුවේ සිට ජුනි මස අවසානය දක්වා මාස තුනක කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය 2.6% කින් පහත වැටී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි