×

ඇමරිකානු යුධ නෞකාවක් කිංදාඕ වරාය සංචාරය කිරීමට කළ ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කරයි

කිංදාඕ හි සංචාරයක නිරත වීමට ඇමරිකානු නාවික හමුදා යුද නෞකාවක් පිටත් කර හැරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය කළ ඉල්ලීම චීන රජය ප්‍රතික්ෂේප කරයි.


මෑතකදී චීන වරාය නගරයක් වන කිංදාඕ හි සංචාරයක නිරත වීමට ඇමරිකානු නාවික හමුදා යුද නෞකාවක් පිටත් කර හැරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය කළ ඉල්ලීම චීන රජය ප්‍රතික්ෂේප කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රොයිටර් පුවත් සේවය පසුගිය අඟහරුවාදා (27) දින වාර්තා කර සිටි පරිදි, ලොව විශාලතම ආර්ථිකයන් පවතින දෙරට අතර නොසන්සුන්කාරී සබඳතා පවතින කාලවකවානුවක එක්සත් ජනපදය කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් චීන රජය මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.

නිර්නාමික වශයෙන් ආරක්ෂක අමාත්‍යංශ නිලධාරියකු එම පුවත් සේවයට පවසා ඇති පරිදි මෙම යුධ නෞකාව චීනයේ කිංදාඕ වරාය නගරයේ සංචාරයක යෙදීමට පසුගිය ඉරු (25) දින සැලසුම් කර තිබුණද, ඊට ප්‍රථමව චීන රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් ජනපද යුධ නෞකා චීන වරාය සංචාරය කිරීම මෑත කාලය තුළ සුලභ සිදුවීමක් වූ අතර, අවසාන වරට කිංදාඕ වරාය නගරයේ සංචාරයක යෙදී ඇත්තේ ඇමරිකානු බෙන්ෆෝල්ඩ් නම් යුධ නෞකාවක් 2016 වර්ෂයේ දී බවද සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි