×

බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය චීනයේදී අත්අඩංගුවට පත්වූ කාර්යමණ්ඩල සාමාජික පිළිබඳ තොරතුරු සොයයි

බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය අඟහරුවාදා (20) දින ප්‍රකාශ කර සිටියේ දැනට චීනයේ රඳවා සිටින්නේ යැයි වාර්තා වන තම හොංකොං කාර්යමණ්ඩල සාමාජිකයා පිළිබඳ තොරතුරු සොයන බවයි.


බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය අඟහරුවාදා (20) දින ප්‍රකාශ කර සිටියේ දැනට චීනයේ රඳවා සිටින්නේ යැයි වාර්තා වන තම හොංකොං කාර්යමණ්ඩල සාමාජිකයා පිළිබඳ තොරතුරු සොයන බවයි.

බීජිං හි විදේශ හා පොදුරාජ්‍යමණ්ඩලීය මාධ්‍ය ප්‍රකාශකයකු පවසා සිටියේ, මෙම හොංකොං කාර්යමණ්ඩල සාමාජික ෂෙන්සෙන් සිට නැවත හොංකොං කරා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහුගේ පවුලේ සාමාජිකයන් හට අවශ්‍ය සහය ලබාදීමටත්, හොංකොං හා ග්වන්දොං පළාත් හි අධිකාරීන් වෙතින් මේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උපරිම උත්සාහ දරන බවත් එම මාධ්‍ය ප්‍රකාශක ගේ නිවේදනයේ සඳහන් වේ.

අතුරුදන් වූ සයිමන් චෙන්ග් නම් බ්‍රිතාන්‍ය විදේශ කාර්යාල සාමාජික පසුගිය අගෝස්තු 09 වන දින ෂෙන්සෙන් ප්‍රදේශය හමුවීමට පැමිණි පසු නැවත සේවයට වාර්තා කර නොමැති අතර, ඔහුගේ පෙම්වතිය මේ පිළිබඳ අදහස් දැක්වෙන පුවතක් HK01 නම් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි