×

චීනයේ අලුත්ම නිවාඩු අත්දැකීම

චන්ද්‍රයාගේ නව අවුරුද්ද සැමරීමට චීන යේ හෝටල් වෙත එන චීන ජාතිකයන්ට මෙන්ම අනෙකුත් ජාතිකයන්ටද විවිධාකාරයේ නවතම අත්දැකීම් වලට මුහුණ දීමට අවස්ථාව උදා කිරීමට උත්සුක වී සිටිති.


මේ ගෙවෙන්නේ චීනයේ උත්සව සමයයි. රාජකාරී බහුල ජීවිත වලින් ඈත් වී සියල්ලෝම පාහේ සිය ගම් දොර බලා පැමිණ ඇති අතර තවත් අය නිදහසේ නිවාඩුව ගත කිරීමට සංචාර වල නිරත වෙයි. සිය මිතුරු මිතුරියන් සමග විනෝද විය හැකි ස්ථානවලට යයි. ඔවුන් මෙම කාලය හදුන්වන්නේ චන්ද්‍රයාගේ නව අවුරුද්ද ලෙසයි.

චන්ද්‍රයාගේ නව අවුරුද්ද සැමරීමට චීන යේ හෝටල් වෙත එන චීන ජාතිකයන්ට මෙන්ම අනෙකුත් ජාතිකයන්ටද විවිධාකාරයේ නවතම අත්දැකීම් වලට මුහුණ දීමට අවස්ථාව උදා කිරීමට උත්සුක වී සිටිති.

ජල ක්‍රීඩාවේ යෙදෙමින් ආහාර ගැනීමට සැළසීම හැන්ග්ෂු හෝටලය සිය පාරිභෝගිකයන් වෙත ලබා දෙන්නට යන අලුත්ම අත්දැකීමකි.

උණුසුම් මිනිස් බදුනක් සේ සකසා ඇති මෙම ජලය සහිත කුඩා ටැංකිය තුළ දොඩම්, ඇපල් , මිරිස් , සලාද ගස් ආදී වූ ආහාර වලින් පුරවා ඇත. ඒ තුළට බැස එම ආහාර රස විදින්නට පාරිභොගිකයන් වෙ අවස්ථාව සැළසේ.

මෙම අත්දැකීම විද ගන්නට මේ වන විටත් පැමිණෙන සංචාරකයික් රැසකි. ඔවුන්ට එය නවතම මෙන්ම සතුට දනෙන අත්දැකීමකි.
ෂැන්ග්හායි අග නුවර සිට පැය දෙකක දුරින් පිහිටා ඇති ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන ෂෙජියැංග් පලාතේ පිහිටා ඇති මෙම උණුසුම් මිනිස් බදුනක අත්දැකීම ලබා ගැනීම චන්ද්‍රයාගේ නව වසරේ චීන ජාතිකයන්ට මහත් අස්වැසිල්ලක් ලබා දී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි