×

රඳවාගෙන සිටි මානව හිමිකම් ක්‍රියාකාරී නීතිඥ වංග් ක්වාන්සන්ග් අධිකරණයට

2015 වසරේ අගෝස්තුවේ සිට ඔහුද ඇතුළු තවත් චීන ජාතික නීතිඥයන් 200 දෙනෙක් හිටි හැටියේ අතුරුදහන් වූ අතර ඔවුන්ගෙන් බොහොමයක් දෙනා රජයේ ආරක්ෂක බලධාරීන් විසින් ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන ඇති බවට තොරතුරු අනාවරණය විය.


චීනයේ මානව හිමිකම් පිළිබඳව අති දක්ෂ ක්‍රියා කාරිකයෙක් මෙන්ම නීතිඥවරයෙක් වූ  වංග් ක්වාන්සන්ග් ව අධිකර‍ණයට ඉදිරිපත් කිරීම සඳහා චීන රජය විසින් පියවර ගෙන තිබේ. ඒ ඔහු රට තුළ දේශ පාලන විප්ලවයක් කිරීම සඳහා සූදානම් වූවා යන චෝදනාව මත 2015 වසරේදී සිට රඳවා ගැනීමෙන් අනතුරුවය.

එරට තහනමට ලක් කර ඇති ආධ්‍යාත්මික ව්‍යාපාරයක් වන ෆැලන්ග් ගොන්ග් ව්‍යාපාරය හා සම්බන්ධව කටයුතු කරන දේශපාලන ක්‍රියාකාරීන් සහ අනුගාමිකයන් වෙත ආරක්ෂාව සැළසීම සහ ස්වීඩන් ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් සමග කටයුතු කිරීම යන චෝදනා ද ඔහුට එරෙහිව එල්ල වී ඇත.

2015 වසරේ අගෝස්තුවේ සිට ඔහුද ඇතුළු තවත් චීන ජාතික නීතිඥයන් 200 දෙනෙක් හිටි හැටියේ අතුරු දහන් වූ අතර ඔවුන්ගෙන් බෙහෝමයක් දෙනා රජයේ ආරක්ෂක බලධාරීන් විසින් ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන ඇති බවට තොරතුරු අනාවරණය විය. ජනපති ක්ෂී ජින්ග් පින්ග් ගේ විධානයක් අනුව මෙසේ නීතිඥ වරුන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනුන අතර එය “709 crackdown” ලෙස හඳුන්වයි.

නමුත් ඊයේ දිනය වන තුරුත් වංග් ක්වාන්සන්ග් පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය නොවූවද පොලීසිය මේ වන විට ඔහුව නීතිය ඉදිරියට රැගෙන විත් තිබීම පිළබඳව මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුලු චීන ජාතිකයන් රැසක් චීන රජයට සිය විරෝධතාව පල කරමින් සිටී.

ඔහුව ඉදිරිපත් කළ අධිකරණය වටා රැස්වෙමින් බහුතරයක් දෙනා සිය විරෝධතාව ප්‍රකාශ කළ අතර විදෙස් නියෝජිතයන්ට මෙන්ම ක්‍රියාකාරීන්ටද, මාධ්‍යවේදීන්ට ද ධිකරණය අවට කලාපය තහනම් කර තිබූ බවක් දැකිය හැකි විය.

ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානයක් වන අම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හී පර්යේෂක ඩොරෝන් ලෝ පැවසුවේ චීනය විසින් ක්වාන්සන්ග් ගේ නඩු දිනය දෙසැම්බර් 26 වනදාට නියම කරන ලද්දේ හිතා මතාම බවත් ඒ ජාත්‍යාන්තර ආයතන රැසක නිවාඩු දිනයක් වන බැවින් බවත්ය.

මින් පෙර රඳවාගෙන සියි නීතිඥවරුන් 200 දෙනා අතරින් වැඩි පිරිසකට මේ වන විට සිර ගත කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි