×

චීන කැනඩා බදු ගැටළුව උග්‍ර වෙයි!

මාර්තු 20 දින සිට චීනය කැනඩාවෙන් ආනයන කරන ලද රැප්සීඩ් තෙල් හා ධාන්‍ය වර්ග ආදී නිෂ්පාදන කිහිපයක් සඳහා 100% ක අතිරේක තීරු බදුපැනවීමට තීරණය කරයි


රෂිකා හෙන්නායක මාර්තු 09,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මාර්තු 20 දින සිට චීනය කැනඩාවෙන් ආනයන කරන ලද රැප්සීඩ් තෙල් හා ධාන්‍ය වර්ග ආදී නිෂ්පාදන කිහිපයක් සඳහා 100% ක අතිරේක තීරු බදුපැනවීමට තීරණය කර තිබෙන අතර, චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී චීන විදුලි වාහන සඳහා 100% ක අතිරේක තීරුබදු සහ චීන වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා 25% ක අතිරේක තීරුබදු පනවන බව කැනඩා රජය ප්‍රකාශ කළ අතර, කැනඩාවේ ඒකපාර්ශ්වික අතිරේක තීරුබදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නීති රීති නොසලකා හැරීමක් මෙන්ම වෙළඳ ආරක්ෂණවාදී පියවරක් බව සඳහන් කරමින් චීනය මෙම ප්‍රතිපියවර ගෙන තිබේ.

කැනඩාව පැනවූ බදු නිසාවෙන් චීනයේ නීත්‍යනුකූල අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වී ඇති අතර චීන-කැනඩා ආර්ථික හා වෙළඳ සබඳතාවලට හානි වී ඇතැයි ද චීනය පවසන අතර, 2025 මාර්තු 20 වන දින සිට කැනඩාවෙන් ආනයනය කරන රැප්සීඩ් තෙල් සහ තෝරාගත් ධාන්‍යවර්ග සඳහා 100% ක අතිරේක තීරුබදු පනවන බවත් කැනඩාවෙන් ආනයනය කරන ජලජ නිෂ්පාදන සහ ඌරු මස් සඳහා 25% ක අතිරේක තීරුබදු පනවන බව, ඊට එරෙහිව ප්‍රතිචාර දක්වමින් චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි