×

චීනයෙන් ටොන් මිලියන 20ක නව තඹ ආකරයක් සොයා ගැනේ!

චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙලෙස සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20 කට වඩා වැඩි බවයි.


සටහන: දිනූෂි ධීරසිංහ
ජනවාරි 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව චීනය විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් නව තඹ ආකරයක් සොයා ගැනීමට පසුගිය දා සමත්ව තිබෙනවා.

චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙලෙස සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20 කට වඩා වැඩි බවයි.

වාර්තාවලට අනුව, Qinghai-Tibet සානුව ආශ්‍රිතව Yulong, Duolong, Julong-Jiama සහ Xiongcun-Zhunuo යන ටොන් මිලියන ගණනක ධාරිතාවකින් යුත් තඹ සම්පත් පදනම් ස්ථාන හතරක් ඇති අතර එහි සම්පත් විභවය ටොන් මිලියන 150 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

එහෙයින් මේ සානුව ගෝලීය මට්ටමේ තඹ සම්පත් පදනමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊට අමතරව චීනයේ Heilongjiang හි තඹ ආකරයේ ද තඹ සම්පත් ටොන් මිලියන 3.65 ක් රැස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සොයා ගැනීම චීනයේ තඹ සම්පත් ආරක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති අතර චීනයේ හරිත බලශක්තිය සංවර්ධනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අනෙකුත් කර්මාන්ත සංවර්ධනයට ද සහාය වීම විශේෂත්වයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි