×

“අපි ස්වාධීන රටක්” – තායිවාන ජනාධිපතිනිය

තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන්න් ජනාධිපති ධූරයට පත් වීමත් සමඟ පවසා ඇත්තේ චීනය “යථාර්ථයට මුහුණ දිය යුතු” බවත් දිවයිනට “ගෞරවය” පෙන්විය යුතු බවත් ය.


තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන්න් ජනාධිපති ධූරයට පත් වීමත් සමඟ පවසා ඇත්තේ චීනය “යථාර්ථයට මුහුණ දිය යුතු” බවත් දිවයිනට “ගෞරවය” පෙන්විය යුතු බවත් ය.

බීජිං හි නැගී එන තර්ජනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ උද්ඝෝෂනයකින් පසු ඇය පසුගිය සෙනසුරාදා දෙවන වරටත් තායිවානයේ ජනාධිපති ලෙස තේරී පත් වූවාය.

චීන කොමියුනිස්ට් පක්ෂය තායිවානය කෙරෙහි ස්වෛරීභාවය සහ අවශ්‍ය නම් එය බලහත්කාරයෙන් හෝ අල්ලා ගැනීමේ අයිතිය පිලිබදව දිගු කලක් තිස්සේ ප්‍රකාශ කර තිබේ.

ස්වයං පාලනයක් සහිත තායිවාන දූපතේ ස්වෛරීභාවය ගැන සැකයක් හෝ සාකච්ඡාවක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව සයි මහත්මිය තරයේ කියා සිටියාය. “අපි දැනටමත් ස්වාධීන රටක්. අපි අපව හඳුන්වන්නේ චීන ජනරජයේ, තායිවානය ලෙස” ඇය පවසා සිටියාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි