×

ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු ලෙස චීනය ජපානය අභිබවයි

විදුළි මෝටර් රථ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම හේතුවෙන් ඔවුන් ජපානය අභිබවා යාමට මෙවර සමත් විය.


2023 වසරේ මුල් කාර්තුවේදී වාහන මිලියන 1.07 ක් අපනයනය කරමින් චීනය ජපානය අභිබවා ගොස් ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව 58%ක වැඩිවීමකි.

මීට සාපේක්ෂව ජපානය වාහන අපනයනය පෙර වසරට වඩා 6%කින් ඉහළ දමා ඇති අතර, පසුගිය මාස තුන තුළ ඔවුන් අපනයනය කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 954,185කි.

පසුගිය වසරේ චීනය ජර්මනිය අභිබවා ලොව දෙවන විශාලතම මෝටර් රථ අපනයනකරු බවට පත් වූ අතර විදුළි මෝටර් රථ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම හේතුවෙන් ඔවුන් ජපානය අභිබවා යාමට මෙවර සමත් විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි