×

මඟීන් 132 රැගත් චීන ගුවන් යානයක් ගුවංෂි කඳුකරයේ දී කඩාවැටෙයි!

මඟීන් 132 රැගත් චයිනා ඊස්ටර්න් ගුවන් සමාගමට බොයිං 737 අයත් ගුවන්යානය ගුවංෂි ප්‍රාන්තයේ කඳුකර කලාපයේ කඩා වැටී තිබේ.


මඟීන් 132 රැගත් චයිනා ඊස්ටර්න් ගුවන් සමාගමට බොයිං 737 අයත් ගුවන්යානය ගුවංෂි ප්‍රාන්තයේ කඳුකර කලාපයේ කඩා වැටී තිබේ. කුන්මිං සිට ගුවංෂෝ වෙත පියාසර කළ මෙම ගුවන්යානය ගුවංෂි කඳුකර කලාපයේ කඩා වැටී ගිනිගෙන තිබේ. ජීවිතාරක්ෂක කණ්ඩායම් යානය කඩා වැටුණු ප්‍රදේශය වෙත යවා ඇති අතර, අදාළ කලාපයේ වනපෙදෙසේ දරුණු ගින්නක්ද මෙමඟින් හට ගෙන ඇත. මෙම සිදුවීමේ දසුන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වෙමින් පවතී. එමෙන්ම චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ සිය විමර්ශකයන් ද එම ස්ථානයට යවා ඇති බවයි. සාමාන්‍යයෙන් චීනයේ ගුවන් සේවා ඉතා ආරක්‍ෂිත වන අතර මීට පෙර මහා ගුවන් අනතුරක් සිදුව ඇත්තේ වසර 12කට පෙරය. එම අනතුරින් පුද්ගලයන් 42ක් මිය ගොස් ඇති බවද වාර්තා වී තිබුණි. This article has been edited.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි