×

බෙයිජිං මැරතන් තරගයත් කෝවිඩ් නිසා දින නියමයක් නැතිව කල් දමයි!

ඊයේ දිනයේ චීනයේ වුහාන් මැරතන් තරගය කෝවිඩ් අවදානම නිසා කල් දැමූ බව වාර්තා වූ අතර, අද දිනයේ වාර්තා වන්නේ බෙයිජිං මැරතන් තරගය ද කෝවිඩ් වසංගත අවදානම හමුවේ කල් දමා ඇති බවයි.


මෙය දින නියමයක් නැතිව සිදුකළ කල් දැමීමකි.

ඉක්මනින් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදනයට ලක් වූ 133 දෙනෙකු පළාත් 11 කින් ගතවූ දිනවල සොයාගැනීමත් සමග චීනය නැවතත් අවදානම් තත්වයකට යමින් සිටින බවට සැක පළ වේ.

1981 වසරේ පටන් වාර්ෂිකව පවත්වන බෙයිජිං මැරතන් තරගය චීනයේ දැවැන්තම දේශීය ක්‍රීඩා ඉසව්ව වන අතර, එය නැරඹීම සඳහා 30,000 කට අධික පිරිසක් රැස් වෙතැයි අනුමාන කර තිබිණි.

එය පැවැත්වීමට නියමිත ව තිබුණේ ඔක්තෝබර් 31 වැනිදා ය.

නමුත් නව ඩෙල්ටා කෝවිඩ් අවදානමත් සමග මැරතන් කෙසේ වෙතත්, චීනය තෝරාගත් ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම ද මේ වන විට ආරම්භ කර ඇත.

චීනය මෙම අවදානමට ලක් ව සිටින්නේ බිලියන 1.068 ක් වන අති දැවැන්ත ජනගහනයෙන් 75.6%ක් පුර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් ව සිටියදී වීම ද විශේෂත්වයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි