×

චීනය ඩිජිටල් මුදල්කරණයට සැරසේ!

ඇමරිකාවට ඩොලරය අකුලා ගැනීමට සිදුවේද?


චීන මහජන බැංකුව වන පීපල්ස් බෑන්ක් ඔෆ් චයිනා (PBOC) විසින් ඩිජිටල් මුදල්කරණය හඳුන්වා දීමට සූදානම් වන බවට වාර්තා වේ.

චීනයේ සීඝ්‍රගාමී මුදල් ප්‍රවාහය හා ගෝලීය ආර්ථිකය තුළ මුදල් ගෙවීම් කටයුතු සඳහා විධිමත් වැඩපිළිවෙලක් දියත් කිරීමේ අරමුණින් මෙම ඩිජිටල් මුදල්කරණය හඳුන්වා දීම අරමුණ වී තිබේ. මෙමඟින් ෆේස්බුක් හි ලිබ්රා වැනි ඩිජිටල් මුදල් ගෙවීමේ යෙදුම් තුළ හටගන්නා අභියෝගයන් ජය ගැනීම චීනයේ අපේක්ෂාවයි.

චීන මහජන බැංකුව මෙම ඩිජිටල් මුදල්කරණ ක්‍රමවේදය හඳුන්වා දීම තුළින් චීන මුදල් ඒකකය (RMB) ඇමරිකානු ඩොලරය අභිබවා ගෝලීය ආධිපත්‍යය දිනා ගනු ඇති බවට අපේක්ෂා කළ හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි