×

බොරිස් දැඩි සත්කාරකයට යන විට චීනයේ, අද කොරෝනා මරණ බිංදුවයි

.


 

පසුගිය මස 26 වන දා කොවිඩ්-19 ආසාදන වූ බවට අනාවරණය වීමෙන් පසු නිරෝධායනය සදහා යොමු වී සිටි එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් ඊයේ රෝහල් ගත කළ අතර ඉන් පසුව දැඩි සත්කාරක ඒකකයකට යොමු කළ බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් අනාවරණය ‍කෙරිණ. ඒ අනුව 55 හැවිරිදි ඔහු මේ වන විට ලන්ඩනයේ ශ්‍රිමත් තෝමස් රොහලේ දැඩි සත්කාර එකකයේදී ප්‍රතිකාර ලබයි. මේ අතර තුර වාර්ථෘ වූයේ ඔහුගේ සහකාරිය කේරි සමන්ඩ්ස් හටත් කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි.

කෙසේ වෙතත් යුරෝපයේ තත්ත්වය මේ වන විට යම් මට්ටමකට පාලනය වෙමින් පවතින බව ඉතාලියේ සිදුවීම් මුල් කරගනිමින් යුරෝපා මාධ්‍ය පෙන්වා දෙයි. යුරෝපයේ දැඩි ලෙස පීඩාවට ලක්ව සිටි ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ ආසාදන වේගය මන්දගාමී වෙමින් පැවතියද සිදුවන මරණ සංඛ්‍යාවේ ඉහළා යාමක්ද පෙනෙන්ට ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වයද මේ වන විට සතුටු දායක මට්ටමක නොමැති අතර අවම වශයෙන් දිනකට වාර්ථා වන ආසාදිතයින් සංඛ්‍යාව 10000කි. මේ වන විට ඇමරිකාවේ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 366000ක් ලෙස වාර්ථා වෙයි.

මේ අතරතුර ලෝකයේ අවධානය මේ වන විට යොමු වී ඇත්තේ චීනයේ තත්ත්වය කෙරෙහිය . කොරෝනා වෛරසයේ උපන් ගෙය ලෙස හදුන්වන චීනය අද දිනය තුළ කිසිදු නව ආසාදිතයෙකු හෝ කොරෝනා හේතුවෙන් මිය ගිය අයෙකු වාර්ථා නොකරන ලදී. ඒ  අනුව අද රෝගය පැතිරීමට පටන් ගත් පසු ගිය ජනවාරියේ සිට කිසිදු රෝගියෙකු වාර්ථා නොවන පළමු දිනය විය.

මාර්තු මාසයේ අවසන් භාගයේ සිට චීනය රට තුළ ආසාදිතයින් අවම ප්‍රමාණයක් වාර්ථා කරන ලදී. මේත් සමග රට තුළ වාර්ථා වූ අභ්‍යන්තර ආසාදිතයින් අවම වූ අතර බොහෝ විට වාර්ථා වූයේ විදේශයන්හී සිට එරටට ආ ආසාදිතයින්ය.

චීනය විසින් අද නිකුත් කළ වාර්ථාවන්ට අනුව අද වන විට චීනයේ මාරාන්තික වෛරසයෙන් පුද්ගලයින් 81,740 ක් ආසාදනය වී ඇති අතර 3,331 ක් මියගොස් ඇති අතර වුහාන් සහ අවට හුබෙයි පළාත ප්‍රමුඛය.

කෙසේ වෙතත් මේ වන විට චීනය අභීබවා , වෛරසය යුරෝපයේ සහ එක්සත් ජනපදයේ බොහෝ රටවල් අතර ව්‍යාප්ත වෙමින් පවතිද්දී වසංගතය නිසා සිදුවූ ගෝලීය මරණ සංඛ්‍යාව 70,000 ඉක්මවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි