×

පිටුවහල් කිරීමේ පනත අහෝසි කිරීමේ යෝජනාව චීනය තරයේ ප්‍රතික්ෂේප කරයි!

හොංකොං රජය චීනයේ ග්‍රහණයට කෙතරම් නතුවී ඇත්ද යන්න මෙමඟින් සනාථ වේ.


හොංකොං නායිකා කැරී ලැම් විරෝධතාකරුවන් ඉදිරිපත් කර තිබූ ප්‍රධාන ඉල්ලීම් පහ සමාලෝචනය කළ වාර්තාවක් බීජිං වෙත ඉදිරිපත් කර ඇති අතර, ආන්දෝලනාත්මක පිටුවහල් කිරීමේ පනත ඉල්ලා අස්කර ගැනීම එරට දිනෙන් දින ඉහල යමින් පවතින දේශපාලන අර්බුදය මඟහරවා ගැනීමට උපකාරී වනු ඇති බවට ඉන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, චීන රජය මෙම වාර්තාවේ සඳහන් නිර්දේශ ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.

චීන රජය හොංකොං නායිකාවට උපදෙස් ලබා දී ඇත්තේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වලට හිස නැමීමෙන් වැළකී සිටින ලෙසයි.

හොංකොං නගරයේ හසුරවන විරෝධතා නියාමනය වන ආකාරය පිළිබඳ චීන රජය දක්වන භූමිකාව ඉතා පැහැදිලිය. චීන රජය රටේ ස්වෛරීභාවය හා විරෝධතාකරුවන්ගේ “රැඩිකල්” අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ එරට රාජ්‍ය මාධ්‍ය වල පළකරන ප්‍රවෘත්ති වලින් එය මනාව සඵත වෙයි.

රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකරලීමට තුඩුදුන් “පිටුවහල් කිරීමේ පනත” අහෝසි කරමින් මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය සමනය කිරීමට ලැම් ඉදිරිපත් කර ඇති යෝජනාව චීන රජය දකින්නේ හුදෙක් විරෝධතාකරුවන් පිරිසකගේ ඉල්ලීමට බෙලහීන අන්දමින් හිස නවන නායිකාවකගේ චර්යාවක් ලෙස පමණි.

හොංකොං රජය චීනයේ ග්‍රහණයට කෙතරම් නතුවී ඇත්ද යන්න මෙමඟින් සනාථ වේ.

චීන මධ්‍යම රජය මෙම විරෝධතා තරයේ හෙළා දැක ඇති අතර එමඟින් විදේශ බලවතුන් නොසන්සුන්තාවයට හේතු වන බවට චෝදනා කර තිබේ. හොංකොං හි පවතින අර්බුදය හුදෙක් “අභ්‍යන්තර ගැටළුවක්” පමණක් බවට නැවත නැවතත් අවධාරණය කරමින් චීන විදේශ අමාත්‍යංශය වෙනත් ජාතීන් හොංකොං වෙත ඇඟිලි ගැසීමට එරෙහිව අනතුරු අඟවා ඇති බවද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි