×

ඇමරිකාව සාර්ථකයි! තායිවානයේ ස්වාධීනත්වයට සහාය පළකළ රාජ්‍ය තාන්ත්‍රිකයන් 07 දෙනෙකුට චීනයෙන් සම්බාධක!!

චීනයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන තායිවානයට සහාය පළකළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සත් දෙනෙකුට සම්බාධක පැනවීමට චීන රජය කටයුතු කර තිබේ.


මෙසේ සම්බාධක පනවා තිබෙන්නේ, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව වීම ද විශේෂත්වයකි.

ඒ අනුව, තායිවානය යනු චීනයේ කොටසක් ලෙස විශ්වාස කෙරෙන ඇතැම් චීන පාර්ශව යළි ඇවිස්සීමේ නවතම ප්‍රයද්නය දැරි එක්සත් ජනපදය සිය මෙහෙයුම සාර්ථකව ක්‍රියාවට නංවා ඇති බව මින් පසක් වේ.

මෙලෙස තායිවානයට සහාය පළකළ නිලධාරීන් අතර, වොෂිංටනයේ තායිවාන තානාපති හ්සියාවෝ බි-ඛිම්, තායිවාන ජාතික ආරක්ෂා කවුන්සිලයේ මහ ලේකම් වෙලිංටන් කූ, හා තායිවාන පාලක පක්ෂ සහ ඩිමොක්‍රටික් ප්‍රොග්‍රෙසිව් පක්ෂයේ මන්ත්‍රීවරු වෙති.

මෙමඟින් එකී නිලධාරීන් හට චීනය, හොං කොං සහ මකාවු ආදී රටවලට සංචාරය කිරීම අවහිර කෙරනු ඇත. එකී නිලධාරීන්ට සම්බන්ධ ආයතන සහ ආයෝජකයන්ට ද එම රටවලට ගමන් කිරීමට නොහැකි වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම පාලනය පවත්වා ගන්නා තායිවානය චීනයේ ස්වෛරීත්වය ප්‍රතික්ෂේප කරයි.

මීට ඉහත දී තායිවාන අග්‍රාමාත්‍ය සු ට්සෙන්ග්-චෑන්ග්, එරට විදේශ අමාත්‍ය ජෝසෆ් වූ සහ පාර්ලිමේන්තු කතානායක යූ සි-කුන් යන අයටද සම්බාධක පැනවීමට චීනය කටයුතු කර තිබිණි.

සබැඳි ලිපි:

චීනය ඇවිස්සීම කලාවක් නම් ඇමරිකාව එහි පිකාසෝ වේ; චීනයට අඳුකොළ වන් ඇමරිකන් සංචාර නැවත තායිවානයට

ඇවිළෙන ගින්නට පිදුරු දමන නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය.

සීයලා ආච්චිලා විනාශ කරන අපේ දරුවන්ගේ අනාගතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි