×

වෙළඳ ගිවිසුම් අභියස ඇමරිකාවේ හිස අතගා ටොකු අනින චීනය!

දෙරට අතර වෙළඳ ගිවිසුමේ පළමු පියවර ක්‍රියාවට නැංවීම මාගේ අපේක්ෂාවයි, සි ජින්පින්ග් මහතා පවසයි..


චීන ජනාධිපති සි ජින්පින්ග් මහතා අද (22) දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, චීනය හා ඇමරිකාව අතර ඇතිකර ගත් වෙළඳ ගිවිසුම ප්‍රකාරව පළමු පියවර ක්‍රියාවට නැංවීමට අවශ්‍ය බවයි. එමෙන්ම දෙරට අතර වෙළඳ අරගලයක් ඇතිවනු දැකීම සිය අපේක්ෂාව නොවන බවත්, නොවැළැක්විය හැකි මොහොතකදී ප්‍රතිප්‍රහාර දැක්වීමට පසුබට නොවන බවත් එම නිවේදනයේ දැක්වෙයි. 

දෙපාර්ශවය අතර අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් මෙකී වෙළඳ ගිවිසුමේ පළමු අදියර ක්‍රියාත්මක කරවීමට හැකි නම් යහපත් බව පෙන්වා දෙන සි ජින්පින්ග් මහතා ප්‍රකාශ කර සිටියේ අනවශ්‍ය අර්බුදයක් ඇති කර ගැනීමට කිසිසේත්ම අවශ්‍ය නොවන බවය. මෙම වෙළඳ අරගලය ඇතිවීමට වගකිව යුත්තේ තම රාජ්‍යය නොවන බවත්, තමා මුල සිටම කටයුතු කළේ එවන් අරගලයක් ඇතිවීම වළක්වා ගැනීමට බවත් ඒ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. 

චීන ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කළේ චීනයේ බීජිං නගරයේ බ්ලූම්බර්ග් එල්පී විසින් සංවිධානය කරන ලද නව ආර්ථික සංසදයේ නියෝජිතයින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන අතරවාරයේ ය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි