×

මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වූ කැනේඩියානු ජාතිකයින් සිව්දෙනෙකුට චීනයෙන් මරණ දඬුවම!

චීනය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වූ කැනේඩියානු ජාතිකයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත.


රෂිකා හෙන්නායක මාර්තු 20 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

චීනය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වූ කැනේඩියානු ජාතිකයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . කැනේඩියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ , ඔවුන් සියලු දෙනාම ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් බවයි.

චීනය මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලැබුව ද විදේශිකයින් සඳහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම දුර්ලභ අවස්ථාවක් ලෙස සලකනු ලබන බවයි එම වාර්තාවල සඳහන් වන බව පැවසේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි