×

කොරෝනා අස්සේත් චීන්නුගේ වැඩ!

ලෝකය උඩු යටිකුරු වූ කොරෝනා වසංගතයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය වැටුණු ආර්ථිකය යළි පණ ගසා නැගිටුවමින් තිබෙන බව විදෙස් වාර්තා පෙන්වාදෙයි. 


වසංගතය මැද වුවද ඔවුන් ආර්ථිකය මෙහෙයවා තිබුණු අතර බලාපොරොත්තු වූවාට වඩා ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව සඳහන්.

ඒ අනුව ලොව දෙවෙනි විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකය 2.3%කින් වර්ධනය වී තිබේ.

ගෙවුණු දශක කිහිපය තුළ වාර්තා වූ මන්දගාමී වාර්ෂික වර්ධනය මෙය වුවද කොරෝනා හමුවේ දණින් වැටි සිටින ලොව බලවතුන් සමඟ ගත් විට චීනය අභියෝගාත්මක ආර්ථික ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටින බවයි විදෙස් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදී ඇත්තේ.

1976 වසරෙන් පසු චීනයේ වාර්තා වූ අඩුම ආර්ථික වර්ධනය ලෙසද මෙය දක්වා තිබේ.

මෙම තත්ත්වය සමඟ ඔවුන් ඉතා ඉක්මණින් සහ වේගයෙන් සිය ආර්ථිකය යළි ඔසවා ගනු ඇති බවට  විශ්වාසය පළ කර ඇත.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි